සිරියාවේ මෙහෙයුම් වල යෙදී සිටින අමෙරිකානු හමුදා තම කඳවුරු අතහැර ආපසු අමෙරිකාව බලා යමින් සිටී. ඔවුන් එසේ ආපසු යෑමේදී තම කඳවුරු පුපුරන ද්‍රව්‍ය යොදා විනාශ කරමින් යන බව වාර්තාවේ.
සිරියාවේ ටෙල් තමේර් ප්‍රදේශයේ පිහිටා තිබූ ගුවන් යානා ගොඩබැස්ස විය හැකි විශාල ධාවන පථයක්ද තවත් අමෙරිකානු කඳවුරක තිබුනු අති නවීන යුද උපකරණ මෙසේ විනාශ කර තිබේ.
සිරියාවේ හසාකා ප්‍රාන්තයේ තුර්කි දේශසීමාවේ තිබූ අමෙරිකානු ගුවන් හමුදා කඳවුරට විශාල ප්‍රමාණයේ ගුවන් යානා මෙන්ම නවීන හෙලිකොප්ටර් යානා ආදිය ගොඩබැස්සවීමට හැකියාව තිබූ බවද වාර්තාවේ.
සිරියානු භූමියේ සැබෑ අයිතිකරුවන් වෙත මෙම ඇමෙරිකානු යුද උපකරන සහ කඳවුරු අත්පත් කරගැනීමට තිබූ ඉඩකඩ අවහිර කරනු පිනිස මෙලෙස පුපුරුවා හැරීම් කරනු ලබන බව යුද විශ්ලේශකය්න්ගේ මතය වී තිබේ.
සිරියානු හමුදා ටෙල් තමේර් ප්‍රදේශයට ඇතුළු වීමට ඉතා ආසන්නයේදී එම ප්‍රදේශයේ කඳවුරු පුපුරුවා හැර අමෙරිකානු හමුදා ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ.
අමෙරිකානු හමුදාව තම කඳවුරු පුපුරුවා නොහැර ගිය අවස්ථාවලදී සිරියානු හමුදා ඒවා අත්පත් කරගත් අතර එහි ඉතිරිව තිබූ දෑ අතර ශුද්ධ වූ බයිබලයට යුද හමුදා කැලෑ ඇඳුමකට සමාන පිටකවරයක් යොදා තිබීමද “යුදමය අභියෝග වෙළුම “( Military Challange Edition ) ලෙස ලියා තිබීමද විශේෂත්වයකි. තවද එම කඳවුර තුළ තිබී සොයාගත් සුදු පැහැති ධජයක ලියා තිබුනේ “එන්න ඇවිත් ලබා ගන්න”( Come and take it ) යන වැකියයි. මෙම වැකිය සහිත ධජය ප්‍රථම වරට යොදා ගත්තේ ක්‍රිව 1835-36 වර්ෂ වල පැවති ටෙක්සාස් විප්ලවයේදීය.
අවසානයේදී ටෙක්සාස් ප්‍රදේශය මෙක්සිකෝවට අහිමිවූ අතර එම ප්‍රදේශය අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය බවට පත්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...