2018 පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද සියලුම පළාත් පාලන නියෝජිතයින් මාර්තු05 වැනිදා අදාළ පළාත් පාලන ආයතනවලට ගොස් සිය රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කරයි.
පළාත් පාලන ආයතන 340 මාර්තු 05 වැනිදා සංස්ථාපනය කිරීමට අදාළ ගැසට් නිවේදනය 14 දින නිකුත් කරන බවද කමල් පද්මසිරි මහතා සඳහන් කරයි.
කාන්තා නියෝජනය ඇතුළු සමානුපාතික ලැයිස්තුවෙන් ඒ ඒ දේශපාලන පක්ස හා ස්වාධින කණ්ඩායම් විසින් පත්කරනු ලබන සභිකයින්ගේ නාම ලේඛනය ගෙන්වාගෙන ඊට අදාළ කටයුතු සිදුකිරීම සදහා යම් කාලයක් ගත වන නිසා ඒ ගැන සැළකිලලට ගෙන මාර්තු 05 වැනිදා පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බවද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...