ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා වල යම් ප්‍රගතියක් පවතින බවට චීන විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ලී යුචෙන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.
දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය අවබෝධය හා ගෞරවය තිබෙන තුරාවට විසඳිය නොහැකි ගැටළුවක් නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (21) දින බීජිං හි ෂියැංෂාන් සංසදයට සහභාගී වෙමින් ලී මහතා අවධාරණය කර සිටියේ වෙනත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන රටකට කිසිවිටක සමෘදිමත් රාජ්‍යයක් කරා ළඟා වීමට නොහැකි බවයි.
ෂියැංෂාන් සංසදය යනු සිංගප්පූරුවේ වාර්ශික ෂැංග්‍රි-ලා සංවාද ආරක්ෂක සංසදයට පිළිතුරු සැපයීම සඳහා චීනය පිහිටුවා ගත් සංසදය යි.
ලොව තුළ නව සීතල යුද්ධයක් (Cold War) ඇති කිරීම වෙනුවට විවෘත භාවයෙන් කටයුතු කිරීම වැදගත් බව පෙන්වා දුන් ලී මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ චීනය හා ඇමරිකාව අතර පවතින වෙළඳ ගැටුම අවසන් වනු දැකීම ලෝකවාසීන් ගේ අවශ්‍යතාව බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...