දේශීය පුවත්

හෙට (14) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම බොහෝ තීරණාත්මක එකක් වනු ඇති බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පෙ.ව. 10.00 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතයි.
2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව රටේ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන රටට දැනෙන වෙනස ගැන මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කතාබහ කිරීමට සුදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වේ.
මීට අමතරව වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනාමේදී සිදුකළ යුතු වෙනස්කම් ගැන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තාවේ.
අද (13)දින පැවැත්වීමට නියමිත අමාත්‍යමණ්ඩල රැස්වීම හෙට 14දින පැවැත්වෙන්නේඅද දිනට මහාශිවරාත්‍රි දිනය යෙදී තිබෙන නිසාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More