මී මැස්සන් විනාශ කරන බේයර් සමාගමේ පළිබෝධ නාශක තහනම් කිරීමට යුරෝපා සංගමය විසින් තීරණය කරයි.
මී මැස්සන් විනාශ වන පළිබෝධ නාශකයක් වූ Bayer සමාගම විසින් නිපදවා ලොවපුරා බෙදා හරින Thiocloprid තියාක්ලොප්රිඩ් නමින් හැඳින්වෙන කෘමිනාශක ප්‍රභේද යුරෝපය තුල වෙළදාම සඳහා ලබාදෙන අනුමැතිය තවදුරටත් යාවත්කාලීන නොකිරීමට යුරෝපා සංගම් රජයන් පසුගිය 22වන අඟහරුවාදා තීරණය කලහ.
අධික කෘමිනාශක භාවිතය හේතුකොටගෙන ලොවපුරා මී මසි ගහන ඉතා ශීඝ්‍ර ලෙස පහත වැටීම හේතුකොටගෙන සමස්ත ලෝකයේම පලදාව අඩුවීම කරණ කොට ලොවපුරා ගොවියන් , මී මැසි පාලකයින් හා පරිසර සංරක්ෂකයින් කෘශි රසායන සමාගම් වෙත සිය විරෝධය පල කරමින් සිටී. මෙම ජනතා පෙළ ගැසීම්වල ප්‍රතිඵලයක් ලෙස මී මැස්සන් ආරක්ශා කිරීම සදහා මී මැස්සන්ට හානි කිරීමට සම්බන්ධ පළිබෝධ නාශක සඳහා යුරෝපා සංගම් තහනම පුළුල් කළේය.
වර්තමාන වෙළද අනුමැතිය ඇති එහෙත් 2020 අප්‍රේල් 30 න් පසු කල් ඉකුත් වන කැලිප්සෝ සහ බිස්කයා යන වෙළඳ නාම යටතේ විකුණන කෘමිනාශක භාවිතා කිරීමට යුරෝපා ගොවීන්ට මින් ඔබ්බට අවසර නොලැබේ.
යුරෝපා සංගමයේ රටවල් බහුතරයක් මෙම කෘශි රසායන අඩංගු ද්‍රව්‍ය තවදුරටත් අනුමත කිරීම අත් හිටුවා ඇත. එමෙන්ම දැනට අනුමත කාලය දීර්ඝ නොකිරීමට යුරෝපීය ආහාර සම්බන්ධව තීරණ ගන්නා විධායකයේ තීන්දුවට යුරෝපීය කොමිසමේ අනුමැතිය ලබා දුන්හ.
2019 ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද යුරෝපීය ආහාර සුරක්ෂිතතා ඒජන්සියේ සොයාගැනීම් වලට අනුව මිනිසාට විෂ සහිත ක්‍රියාකාරී රසායන ද්‍රව්‍යය භූගත ජලයෙහි අධික ලෙස සාන්ද්‍රණය වී ඇති බවට එය අවධාරණය කර සිටී.
හරිතාගාර හැර සෑම තැනකම ඊනියා නියොනිකොටිනොයිඩ් වර්ග තුන් වර්ගයක් භාවිතා කිරීම යුරෝපා සංගමය විසින් තහනම් කර ඇත. ප්‍රංශය දැනටමත් නියෝනිකොටිනොයිඩ් කෘමිනාශක වර්ග තුන ඇතුළු තවත් විශ සහිත කෘමිනාශකයක් සමග හරිතාගාර වල පවා භාවිතය තහනම් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...