පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සමග ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නව අග්‍රාමාත්‍යධුරය කථානායක කරු ජයසූරියය මහතාට ලබාදෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන් අඇතුළු බහුතර පිරිසකගෙන් මෙම යෝජනා ඉදිරිපත්වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ඇමතිවරුන් පිරිසකගේද සහාය ද ඊට හිමිවී ඇත. මේ කරුණු ජනාධීපතති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ 12 දා රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතාට දැනුම්දී ඇත.
නමුත් ඒ ගැන ඊයේ දින අවසන් එකඟතාවකට නොපැමිණි අතර ඒ ගැන සාකච්ඡා කිරීම සඳහාහ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...