රුසියානු යුද හමුදා පොලිසියේ නිලධාරීන් සහ සිරියාවේ යුද හමුදා භටයින් ඊසානදිග සිරියාවේ තුර්කි ‘‘ සාම වසන්තය’’ මෙහෙයුම් සිදු වන කලාපය ආසන්නයේම කඳවුරු බැදීම ආරම්භ කළ බව වාර්තා වේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ තුර්කි ජනාධිපති රිචේප් තයිප් එර්දොගාන් අතර පැවති පැය හතක දීර්ඝ සාකච්ඡාවකින් පසු රුසියානු සහ සිරියානු භටපිරිස් මෙසේ කඳවුරු බැඳ ඇති බව වාර්තා වේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා මාධ්‍ය අමතමින් ‘‘මොස්කව් පාලනය විසින් සිරියාව ආක්‍රමණය හේතු හොඳින් අවබෝධ කරගෙන සිටිනවා, ත්‍රස්තවාදීන් සිරියාවේ භූමිය අත්පත් කරගත යුතුවාක් මෙන්ම සිරියාවේ භෞමික අඛණ්ඩතාවය සුරැකීම අනිවාර්ය කාරණයක්, එලෙසම නීත්‍යානුකූල නොවන විදේශ හමුදා සිරියාව තුල පැමිණීමද අනිවාර්යෙන් වැළැක්විය යුතුයි‘‘ යනුවෙන් පවසා සිටියේය.
රුසියානු සහ තුර්කි ජනාධිපතිවරුන් දීර්ඝ සාකච්ඡාවෙන් පසුව පහත කරුණු වලට දෙදෙනා එකඟවිය. කර්දිෂ් හමුදා සිරියාවෙන් පිට්වීම, සිරියානු හමුදා දේශසීමා ආශ්‍රිතව ස්ථානගත වීම, රුසියානු තුර්කි හමුදා දේශසීමා ආශ්‍රිතව මුර සංචාරය කිරීම, අල්ලා ගන්නා ලද ISIS කැරළිකරුවන්ට පළා යාමට ඉඩ නොදීම. ආදී කාරණා කැපී පෙනෙයි.
දේශපාලන විශ්ලේෂකයන්ට අනුව රුසියාව මැදපෙරදිග සිරියානු කලාපයේ ස්ථාවරත්වයට ප්‍රශස්ත ආකාරයෙන් මැදිහත්වීමක් සිදුකර ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...