ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අනිවාර්යයෙන්ම තමන්ට හිමිවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග විපක්ෂ නායකධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධුරය ඒකාබද්ද විපක්ෂයට ලබාදෙන ලෙස ඉල්ලා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනෙකු සිටින ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධුරය ලබානොදී ඩුප්ලිකේට් විපක්ෂයට එම තනතුරු ලබාදීමට වත්මන් යහපාලන ආණ්ඩුව ක්‍රියාකළ බවද එම ජේෂ්ඨ නියෝජිතයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටස් කරුවෙකු ලෙස පවසමින් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ දිය යුතු සාධාරණ නියෝජනය ලබාදීමට ආණ්ඩුව ක්‍රියා නොකළ බවත් එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්සය ආණ්ඩුවෙන් ඉවත් වූ විට එම තර්කය බිද වැටෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ එම නියෝජිතයා පෙන්වාදෙයි.
2015 සිට වසර 03ක්ම රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නියම භුමිකාව සිදුකරන්නේ ඒකාබද්ද විපක්ෂය නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධරය ඩුප්ලිකේට් විපක්ෂයෙන් ඉවත්කර කඩිනමින් ඒකාබද්ධ විපක්ෂයට ලබාදියයුතු බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ එම ජේෂ්ඨ නියෝජිතයා සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...