වත්මන් ජාතික ආණ්ඩුවට අද (14) දින බොහෝ තීරණාත්මක දවසකි. අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන අමාත්‍යමණ්ඩල රැස්වීමේදී වත්මන් ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධයෙන් බොහෝදුරට තීරණයක් ගැනීමට ඉඩතිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් තනි ආණ්ඩුවක් සෑදීමට ක්‍රියාකරන බවයි.
ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ අමාත්‍යවරුන් ප්‍රකාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කළයුතු බවයි. එසේ නොවුණහොත් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයෙන් අසුන්ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජනාධීපතිවරයාට දැනුම්දී ඇත.
අද අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මේ අතර ඊයේ (13) රාත්‍රි 8.00 සිට රාත්‍රි10.00දක්වා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පමණක් සහභාගීවූ විශේෂ රැස්වීමක් ජනාධීපති නිලනිවසේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩු පිහිටුවීමේ කතාව යටගොස් වත්මන් ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.
පවතින ගැටළුවලට විසඳුම්ලබාදී වත්මන් ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම සොයාබැලීමට දස දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කිරීමටද මෙහිදී තීරණය කෙරිණි. තීරණයක් නොමැතිව එම සාකච්ඡාව අවසන් වුවද අද පැවැත්වෙන අමාත්‍යමණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධීපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව යළි ආරම්භ කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...