ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 15 හෝ 16 දින ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
2018 පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන තත්ත්වය හා ඉදිරි කටයුතු ගැන අද (14) දින ද ජනාධිපතිවරයා සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ වෙන වෙනම සාකච්ඡා කළහ.
වත්මන් ජාතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර එහි ඉදිරි කටයුතු ඒ සඳහා පත්කර තිබෙන දස දෙනෙකුගෙන් යුත් කමිටුවට පවරා තිබෙන අතර එම කමිටු වාර්තාව කඩිනමින් ජනාධීපතිවරයාට ලබාදීමට නියමිතයි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්වී තිබෙන යෝජනාව ගැනද සාකච්ඡා වී ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානම් ඒ සඳහා අවස්ථාව තිබෙන බව ජනාධීපතිවරයා ප්‍රකාශකර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවයි.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානම් ඒ සඳහා ද අවස්ථාව ලබාදිය හැකි බව ජනාධීපතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහයස් පක්ෂය තීරණාත්මක මෙහෙයුමක් ආරම්භකර ඇත.
මෙම මෙහෙයුමට ඇත්තේ පැය 48 ක කාලයක් පමණි. එම මෙහෙයුමෙන් ජයගන්නා කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව උදාවේ. මෙම සියලු තත්ත්වයන් සැළකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රට හමුවේ විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...