වර්තමානයේ පවතින දේශපාලන අර්බුදයට තිබෙන එකම විසදුම භාරකාර ආණ්ඩුවක් පිහිටුවා එමගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑම නිසා ඒ සඳහා කොන්දේසි යටතේ සහාය ලබාදීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ මේ සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්වන ප්‍රතිචාරය ලෙස අවධානයෙන් සිටින බවයි.
එවැනි භාරකාර ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව සම්මත කරගෙන භාරකාර අාණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් භාරකා ආණ්ඩුවේ එකම අරමුන එය විය යුතු බවද එහි තනතුරු බාරගෙන කොන්දේසි යටතේ එයට සහාය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මෙම භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරයට සුදුසු හොදම පුද්ගලයා කථානායක චමල් රාජපක්ෂ මහතා බවද වාසුදේව නානායක්කාර මහතා විසින් පෙන්වා දෙන ලදී.
වර්තමානයේ රටතුළ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනැගී තිබෙන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයට තනි ආන්ඩුවක් පිහිටුවීමට හෝ වත්මන් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියාකළහොත් රට තව තවත් අර්බුදයකට යන බව පෙන්වා දෙන වාසුදේව නානායක්කාර මහතා කියා සිටින්නේ මීට හොඳම හා එකම විසදුම කඩිනමින් භාරකාර ආණ්ඩුවක් පත් කිරීම බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...