විදේශ පුවත්

සිරියානු ආණ්ඩු විරෝධි කැරලිකරුවන්ගේ සහ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශවුණු සිරියානු ආර්ථිකය නාසිටුවීම සඳහා ආධාර කරන ලෙස රුසියාව බ්‍රික්ස්(BRICS- Brazil,Russia,india,china, south Africa) සංවිධානයේ අනෙකුත් සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව සිරියානු වෙළඳපොළ තුල ආයෝජන සිදුකරමින් එරට ආර්ථිකය යළි නගාසිටුවීමට දායකත්වය ලබාදෙන ලෙස රුසියාව මෙහිදී ඉල්ලා සිටී.
සිරියානු ඇස්තමේන්තු අනුව යුධ ගැටුම් හේතුවෙන් එරට දේපොළ වෙළෙදාම් අංශය වෙත සිදුවුනු හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 75 ඉක්මවා තිබේ. එසේම ගැටුම් ඇතිවීමට පෙරාතුව සිරියාවේ පැවති දළ දේශිය නිෂ්පාදිතයේ අගය යළිත් ළඟා කර ගැනීම සඳහා එරටට අවශ්‍ය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක් පමණ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More