කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි නිවීම සඳහා මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් කපාහරින බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට තර්ජනය කර තිබේ.
පසුගිය සති කිහිපයේ ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර 100000කට අධික ප්‍රමාණයක් විනාශ වූ අතර දහස්ගණන් පිරිස් නිවාස වලින් ඉවත් කරනු ලැබූහ.
ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් මහතා වන කළමනාකරණයේ දී ඉතා අවලක්ෂණ කර්තව්‍යයක් ඉටුකළ බවට ඇමෙරිකානු ජනපතිවරයා චෝදනා කරයි.
“සෑම වසරකම කැලිෆෝනියාව ගින්නෙන් දැවෙන විට මධ්‍යම රජයෙන් උදව් ඉල්ලනවා. තවදුරටත් මුදල් ආධාර ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරයා ලෙස ඔබේ වගකීම් ඉටුකරන්න.”යැයි ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.
ඇමෙරිකානු ජනපතිවරයාගේ පාරිසරික ප්‍රතිපත්ති දැඩිලෙස විවේචනයට ලක්කරන නිව්සම් මහතා පවසා ඇත්තේ ට්‍රම්ප් දේශගුණික විපර්යාස විශ්වාස නොකරන බවයි.
කැලිෆෝනියා ලැව්ගිනි වලට ප්‍රධානම හේතුව වන්නේ ගෝලීය උණුසුම ඉහල යෑම බව පාරිසරික විද්‍යාඥයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...