2018 පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමත් සමග හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුභ පැතිම සඳහා අතිවිශාල ජනතාවක් පැමිණෙමින් තිබෙන බව වාර්තාවේ.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසට මෙන්ම තංගල්ලේ කාල්ටන් නිවසටද ඒ ආකාරයෙන්ම විශාල පිරිසක් පැමිණෙමින් සිටිති. ඈත දුරබැහැර සිට මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව හිටපු ජනාධිපතිවරයාට සුබපැතීමට පැයගණන් පොලිමේ සිටින බව එම ප්‍රදේශවල ප්‍රාදේශිය වාර්තාකරුවෝ පවසති.
ඇතැම් අවස්ථාවලදී හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පෝලිම් අසලට ගොස් ජනතාව හමුවෙයි. කෙතරම් කාර්ය බහුලත්වයකට පැමිණ සිටියද එම ජනතාව හමුවීමට සහ ඔවුන්ට ආහාරපාන ලබාදී සිදුකරන සංග්‍රහ කටයුතු සොයාබැලීමට මහින්ද රාජපක්ෂ මහතා වගබලාගනී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීමෙන් අනතුරුව ඒ මහතා සමග ඡයාරුප ගැනීමටද ජනතාව දක්වන්නේ දැඩි උනන්දුවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...