පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා මැයි මාසයේ සිට සූදානම් වන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පැවැත්වූ පළාත් පාලන ආයතන මැතිවරණය ඉතා හොදින් පැවැත්වූ බවත් ඒ ගැන සතුටක් සේම මැතිවරණ රාජකාරි කිරීමේදී නිලධාරියෙකු මියයෑම පිළිබඳ දුකක් පවතින බවද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ඊයේ (14) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 25% කාන්තා නියෝජනය ඇති කිරීමට යාමේදී යම් ගැටලු කාරි තත්ත්වයක් ඇතිවී තිබෙන බව ත් මේ නිසා දේශපාලන පක්ෂ සමග සාකච්ඡාකර කාන්තා නියෝජනය පිළිබඳ පහත සංශෝධන ය කිරීමට අදාළ යෝජනාව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත්ය. 25% කාන්තා නියෝජනය සම්පුර්ණ කිරීමට පක්ෂ විසින් කාන්තා සභිකයන් ඉදිරිපත් කිරීමට සිදුවීම නිසා මෙම ගැටලුව ඇතිවී තිබෙන බවද ඔහු කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...