නව අගමැතිවරයෙකු සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදෙන බවත් කිසිදු තනතුරක් බාරනොගෙන ආණ්ඩුවේ කොටස්කරුවන් නොවී මෙම සහයෝගය විපක්ෂයේ සිට ලබාදෙන බව එකාබද්ධ විපක්ෂය විසින් අද (15) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂඨ අමාත්‍යවරයෙකු හමුවී මේ බව දැනුම් දී ඇත.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද කැමැත්ත ප්‍රකාශකර ඇති බවත් 115 දෙනෙකුගෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි අතර ඒ බව අද (15) රාත්‍රි ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේෂඨ අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...