පුරවැසි කොලම

රටක ළමා පරපුර ඕනෑම රටක ජීවනාලියයි. එහෙත් අපේ රටේ ළමා පරපුර ගැන බොහෝ විට යොදවන අවධානය ඉතාම අඩුය. රටේ ප‍්‍රධාන පුරවැසියා තෝරන ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින නවයකි. මීළඟ ජනාධිපතිවරයාගෙන් රටේ ළමා පරපුර සඳහා ඉටුවිය යුතු ක‍්‍රියා මාර්ග සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් ජනාධිපති අපේක්ෂකයන්ට විවෘත ප‍්‍රතිපත්ති මාලාවක් ද ප‍්‍රකාශයට පත් කර තිබේ. සැබවින්ම අපේ රටේ දරුවන් වෙනුවෙන් රජය වහාම පියවර රැුසක් ගත යුතුව තිබේ.

ඒ සඳහා දරුවන්ගේ ආරක්ෂාව, පෝෂණය, අධ්‍යාපනය ආදිය වෙනුවෙන් නව ක‍්‍රියා මාර්ග රැුසක් ගත යුතුව තිබේ.

අපේ රටේ පාසල් දරුවන් රැුසක් නිසි පෝෂණයක් නොලැබීම නිසා මන්ද පෝෂණයෙන් පෙළෙන බව ප‍්‍රසිද්ධ කරුණකි. විශේෂයෙන්ම පෝෂ්‍යදායී ආහාර සඳහා රජය මගින් අයකරන අධික බදු හේතුවෙන් ඒවා මිලදී ගන්නට සාමාන්‍ය දෙමාපියනට ශක්තියක් නොමැතිවීම මෙම මන්ද පෝෂණය සඳහා බෙහෙවින් බලපා තිබේ. විශේෂයෙන්ම ආනයනික බටර්, චීස්, පලතුරු ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍ය සඳහා රජය පනවා ඇති අතිවිශාල බදු නිසා ඒවායේ මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එසේම එම අධික බදු වලින් ඉහළ යන මිල නිසා දේශීයව නිපදවන එම ආහාර ද්‍රව්‍ය වල මිලද විශාල ලෙස ඉහළ දමන්නට දේශීය නිෂ්පාදකයන්ද කටයුතු කර තිබේ. මේ නිසා දරුවන්ගේ පෝෂණයට බලපාන ආහාර ද්‍රව්‍ය සඳහා ඇති සියලූ බදු ඉවත් කරන ලෙස හෝ ඒවා වහාම අඩු කරන ලෙස අප මීළඟ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. එසේම පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් හා කිරි වීදුරුවක් නොමිලේ සපයන්නට පියවර ගන්නා ලෙස අපි මීළඟ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

රටේ සියලූම දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීමට වහාම පියවර ගත යුතුව තිබේ. ජනප‍්‍රිය පාසල් වල ඇති සියලූ පහසුකම් ඈත ගම්බද දුෂ්කර පාසල් සඳහාද ලබාදෙන නව ක‍්‍රමවේදයක් වහාම රටේ ඇති කළ යුතුව තිබේ.

එසේම පාසල් දරුවන් සඳහා වන අභ්‍යාස පොත්, උපකාරක පොත් ඇතුළු පාසල් පොත් හා අධ්‍යාපන උපකරණ වෙනුවෙන් වහාම මිල පාලනයක් පනවන ලෙසද ඒවායේ නිෂ්පාදන වියදම අනුව සලකා වහාම මිල පාලනයක් ඇති කළ යුතුය. එසේම අද පාසල් දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා අහිමි කරමින් වරින් වර අසීමිත ලෙස ඉහළ නංවා ඇති ටියුෂන් ගාස්තු සඳහා වහාම මිල පාලනයක් ඇති කළ යුතුය. එය පහ වසර තෙක් එක ගාස්තුවක්ද, එතැන් සිට අට වසර දක්වා තවත් ගාස්තුවක්ද, එතැන් සිට සාමාන්‍ය පෙළ දක්වා තවත් ගාස්තුවක්ද, එතැන් සිට උසස් පෙළ සඳහා තවත් ගාස්තුවක් ලෙස දෙමාපියන්ට දැරිය හැකි සාධාරණ ගාස්තුවක් බවට පත් කරන්නට නව නීති ගෙන එන ලෙස අපි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

එසේම පාසල් වෑන් රථ ගාස්තු නියාමනය කරන ලෙසටද, ඞීසල් බින්දුවක් වත් වැය නොකර නිවාඩු මාස වලදී පාසල් වෑන් රථ දරුවන්ගෙන් මුළු ගාස්තුවම අයකිරීම තහනම් කරන ලෙසද, වෑන් රථ සඳහා වහාම නව නීති රීති පද්ධතියක් හඳුන්වා දිය යුතුය. දැනට රටේ ජනතා බදු මුදලෙන් පාසල් වෑන් රථ සඳහා නව වාහන මිලදී ගැනීම සඳහා ඉතාම අඩු පොලී අනුපාත යටතේ සහන ලබාදී ඇති බැවින් එහි වාසිය රටේ දරුවන් සඳහා ලබා දෙන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

එසේම පෙර පාසල් සඳහා නිසි ප‍්‍රමිතීන් හා ගාස්තු ක‍්‍රමවේද හඳුන්වාදී ඒවා නියාමනය කළ යුතුව තිබේ. එසේම ජාත්‍යන්තර පාසල් හා පුද්ගලික පාසල් වල කටයුතු, ගාස්තු හා අධ්‍යාපන තත්ත්වය වහාම නිසි නියාමනයකට ලක්කළ යුතුව තිබේ.

එසේම දරුවන්ට පාසල් වලදී සිදු කෙරෙන කායික දඬුවම් නැවැත්වීම සඳහා කිසියම් නිශ්චිත ක‍්‍රියා මාර්ග ගත යුතුව තිබේ. දරුවනට පාසලේදී හෝ නිවසේදී සිදුවන මානසික හෝ ශාරීරික හිංසා බලපාන බව මනෝ විද්‍යාඥයන් පවා පිළිගෙන ඇති බැවින් එවැනි දඬුවම් වැළැක්වීම සඳහා කිසියම් නිශ්චිත ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබේ. විශේෂයෙන්ම ඇතැම් ගුරුවරුන් හා ගුරුවරියන් අතින් පයින් පවා දරුවන්ට පහරදීම් දිගින් දිගටම සිදුකළද ඒ සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා ඒවායේ වැඩිවීමක් දක්නට ලැබේ. මේවා වැළැක්වීම සඳහා වහාම නව නීති ගෙන ඒම අත්‍යවශ්‍යවේ. එසේම පාසල් ගුරුවර ගුරුවරියන් සඳහා ළමා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන් වසරකට දෙවරක්වත් පැවැත්විය යුතු අතර වාර්ෂිකව ගුරුවර ගුරුවරියන්ගේ මානසික තත්ත්වයන් පරීක්ෂා කිරීමේ ක‍්‍රමවේදයක්ද ඇති කළ යුතුය.

එසේම බොහෝ දියුණු රටවල පාසල් දවස පුරා ක‍්‍රියාත්මක වේ. ඒ මගින් සවස් වරුවේදී ක‍්‍රීඩා හා විෂය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා ළමුන් යෙදවීම, අමතර පන්ති පාසල තුළදීම පැවැත්වීම වැනි බොහෝ දේ කළ හැකිය. පෙර මෙන් නොව මේ වන විට ගුරුවරුන් සඳහා ඉහළ වැටුප් ලබාදෙන බැවින් මෙරට පාසල් ද උදේ 8.30 සිට සවස 4.30 දක්වා පැවැත්වීම සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුය. එවිට දෙමාපියන්ට දරුවන් පාසලට ඇරලවා සේවය නිමවා නැවත පාසලෙන් දරුවන් රැුගෙන නිවසට යා හැකිය. ඒ මගින් දැනට බොහෝ දෙමාපියන් මුහුණ දෙන දරුවන්ගේ ආරක්ෂාව, පාසල් වෑන් ප‍්‍රශ්න, ගෘහස්ත සේවකයන් සොයා ගැනීමේ ගැටලූ, දරුවන්ගේ ආරක්ෂාව වැනි ගැටලූ රැුසකට විසඳුම් ලැබේ. එපමණක් නොව රටට දක්ෂ ක‍්‍රීඩකයන් බිහිවීම මෙන්ම දරුවන්ගේ සැඟවුණු කුසළතා ඉස්මතුවීම සිදුවේ.

රටේ ආරක්ෂාව පිළිිබඳ ප‍්‍රශ්න නිසා සියලූම දූ දරුවන්ට පාසැල තුළදී ආත්මාරක්ෂක සටන් ක‍්‍රම පුහුණුව ලබාදීම වහාම ආරම්භ කළ යුතුව තිබේ. දරුවන් සඳහා උපදේශනය පාසල් වල අනිවාර්ය කළ යුතු අතර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලින් පසු පාසල් හැරයන දරුවනට වෘත්තීය මාර්ග උපදේශනය ලබා දිය යුතුය.

මේ කරුණු ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලූ දෙනා සැලකිල්ලට ගෙන නිසි ක‍්‍රමවේදයන් ඒ ඒ කරුණු සඳහා ඇති කරන්නේ නම් රටේ අනාගතය බෙහෙවින් සුන්දර වනු ඇතැයි යන්න අපගේ මතයයි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More