ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් පිහිටුවන ලද මහජන කොමිසමේ වාර්තාව වන දස වැදෑරුම් උපායමාර්ගික රාමුව යටතේ යෝජිත ක්‍රියාකාරකම් සහ වැඩ සටහන් යෝජනාවලිය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය මග පෙන්වීම ඇතුලත් නූතන දස පනත හෙවත් සම්මුතියේ මාලිමාව පිළිබඳව කතිකාවතක් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සමාජය අතරේ ආරම්භවී තිබීම සතුටට කරුණකි. එසේම එම යෝජනාවලියට යෝජනා ලබාදීමට දායක වීමට හැකිවූ ජනතාව අතරින් කෙනෙක් වීම භාග්‍යයක් ලෙස මා හට පැවසිය හැක.
එම දස වැදෑරුම් උපායමාර්ග යථාර්ථයක් බවට පත් කෙරෙන ක්‍රියාකාරකම් 100කට අධික ප්‍රමාණයක්, එම උපායමාර්ගික රාමුව පෝෂණය කිරීම සඳහා මහජනයා විසින් ඉදිරිපත් කළ අතුරු යෝජනා 100ක්, උපායමාර්ගික රාමුව විසින් ඉල්ලා සිටින නව නීති 16ක් සහ සංශෝධනය කළ යුතු පවතින නීති 18ක් මෙම වාර්තාවට ඇතුලත්වේ. එසේ වුවද පසුගිය සැප්තැම්බර් මස 16 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මුතියේ මාලිමාව ජනගත කළදා සිට ඔක්තෝබර් 15 දින පොදු ජන පෙරමුණට ඉදිරිපත් කළ දින දක්වාද ඉන් පසුවද බෙහෙවින් ආන්දෝලනයට ලක්වී ඇත්තේ එම වාර්තාවේ සඳහන් එක් කරුනක් වන විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවයි. ඊළඟ ජනාධිපති තේරීම සඳහා ආසන්න වී ඇති අවස්ථාවක එවන් ආන්දෝලනයක් ඇතිවීම ස්වභාවික වුවද ඉතා සුළු පිරිසක් විසින් වාර්තාව පිළිබඳව මෙතෙක් සිදුකර ඇති චෝදනා සාධාරණ නොවේයැයි මම සිතමි. එබැවින් 238ක්වූ සියලු කාරනා වෙනුවට උක්ත කරුණු කිහිපය පිළිබඳව යමක් පැහැදිලි කිරීම සුදුසු බව සළකමි.
නීතඥයෙකු වන නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාෂ කරන්නේ ඉතා සංවේදී වූ මාතෘකාවක් වන විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම පළාත් සභා අහෝසි කිරීමකින් තොරව සිදු කිරීමට සම්මුතියේ මාලිමාව යෝජනා කර ඇති බවයි. එතුමා තවදුරටත් පවසන්නේ යම් අයගේ විරෝධතා හමුවේ මාලිමාවේ කතෘවරුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම කලයුතු බව මාලිමාවේ දෙවන මුද්‍රණයට ඇතුලත් කළ බවයි. ඉන් පසුව ඔහු චෝදනා කරන්නේ බලය බෙදීම පිළිබඳව රනිල්, චන්ද්‍රිකා හා එන්. ජී. ඕ. නඩය ගෙනගිය බලය බෙදීම පිළිබඳව මානසික හා ප්‍රචාරක උපායමාර්ගයේ ගොදුරක් බවට මාලිමාවේ කතෘවරුන් පත්ව ඇති බවයි.
අප රටේ සාක්ෂරතාවය 99.99% සේ පැවසුවද ලිඛිත යමක් කියවා එහි අඩංගු යමක් තේරුම් ගැනීමට වැඩිය තම අභිලාශයට හා මතයට ගැලපෙන්නේනම් ඉන් එහා සොයා නොබලා පිළිගැනීම ජාතිය සතු පොදු ලක්ෂණයකි. එය ජාතික සංවිධානවල කටයුතු කරන පුද්ගලයින්ට පමනක් නොව රට කරවන නායකයින්ටද පොදුවූ දුර්වල තාවයක් බව පසුගිය වකවානුවේදී අප හට අත් විඳීමට හැකිවිය. උදාහරණ ලෙස ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 30/01 ජිනීවා වාර්තාවේ යුධ අපරාද චෝදනා අඩංගු නොවන බව පැවසීම හා සජිත් ප්‍රේමදාස මැතිතුමා 30/01 යෝජනාවලට අදාලව පාර්ලිමේන්තුවේ අනුමත කෙරුනු කිසිදු පනතක් තමා විසින් නොකියවූ බව පැවසීම වැනිදේ සඳහන් කළ හැක. ඒ අනුව යමින් ජාතික සංවිධාන වල යම් ක්‍රියාකාරීන්ද කටයුතු කිරීම කනගාටුවට කරුනක්වේ. එසේ වූවිට යමක් කියවා තේරුම් ගත හැකි යැයි සැලකෙන පුද්ගලයින්ද නිර්මාණය කරනු ලබන බොරුවේ ගොදුරක් වන බවට පත්වීම නොවැලැක්විය හැකිය. බැල්ලන්තුඩාව මහතා මාලිමාවේ පලමු මුද්‍රණයේ 43වන පිටුවේ 1.1.1 උප වගන්තියෙන් පසුව 1.1 උප වගන්තියේ අනෙකුත් උපවගන්ති කියවා නොමැති බව පැහැදිලිවේ. එතුමා විසින් 1.1.4 වන උපවගන්තිය නිසිලෙස කියවූයේනම් බොළඳ චෝදනාව නැගීමට හේතු නොවනු ඇත. මාලිමාවේ පලමු මුද්‍රණයේ 1.1.4හි මෙසේ සඳහන්ව ඇත.
“… විධායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් අමාත්‍ය මණඩලයක් පත්කිරීම සහ එම අමාත්‍යවරයකුට මධ්‍යම රජයේ උප අමාත්‍යවරයකුගේ වරප්‍රසාද ලබාදීම මගින් වර්තමාන පළාත් සභා ක්‍රමය අහෝසි කොට පරිපාලන බලය විමධ්‍යගත කිරීම සඳහා නව පළාත් පාලන ව්‍යුහයක් හඳුන්වාදීම”
එබැවින් වර්තමාන පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සම්මුතියේ මාලිමාවේ පළමු මුද්‍රණයේ සඳහන් නොවේ යන්න පැවසීම හුදු සම්ප්‍රප්පලාපයකි. පළාත් සභා ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ බව නීතිඥතුමාට අමතකවී ඇත. නව ව්‍යවස්ථාවක 13 වැනි සංශෝධනයක් නැත. ඒ අනුව බලය විමධ්‍යගත කිරීම සඳහා නව වියුහයක් යෝජනා කළ යුතුය. යම් ලියවිල්ලකට 13 අහෝසිකරනු ලෙස යෙදීමෙන් එම සියලු කරුණු ඉටුනොවන බව නීතිඥ මහතෙකුට පවා නොවැටහීම පුදුමයකට කරුණකි.
අනෙක් මතුකරන හාස්‍ය ජනක සහ භයානක කරුණනම් මාලිමාව යෝජනාකරන පාර්ලිමේන්තු ක්‍රමය සහ ජනතා විමුක්ති පෙරමුනෙන් ඉදිරිපත් කරනලද 20වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස කුමක්ද යන්නෙහි ප්‍රශ්නයක් ඇති බවයි. යෝජිත 20වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතිඥ මහතා විසින් කියවනු ඇති කියා බලාපොරොත්තු වෙමි. 20වැනි සංශෝදනයේ 13ද පවතින බව පමනක් පැවසීම ඒ පිළිබඳව පිළිතුරකට ප්‍රමානවත් බව සෑහේ යයි සිතමි.
මීට අමතරව එක්තරා සමාජමාධ්‍ය මාධ්‍යවේදියෙකු හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පිළිබඳව කරන ප්‍රකාෂය සහ සම්මුතියේ මාලිමාව ජනතා විමුක්ති පෙරමුනේ මාලිමාවදැයි නගන පැනය පිළිබඳව යමක් පැවසිය යුත්තේ ඔහු සම්මුතියේ මාලිමාව නිසි ආකාරයෙන් කියවූවේනම් එහි 32 හා 33 යන පිටුවල මහජන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ නාම ලේඛනය දැකිය හැකි බවයි. එම ලේඛනය අනුව මහා සංඝරත්නය සහ විද්වතුන් 48 දෙනෙක් මෙම මහජන කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඇත. මහජන කොමිසම සඳහා හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා, ජනරාල් ජගත් අල්විස් මහතා, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහාචාර්‍ය චන්න ජයසුමන මහතා සහ මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා ද සාක්ෂි ලබාදී ඇත. සම්මුතියේ මාලිමාවේ පලමු මුද්‍රණයේ 130 සහ 131 යන පිටු වල ගාමිණී විජේසිංහ මහතා ලබාදුන් සාක්ෂියේ සංක්ෂිප්තයක් ඇත. එතුමා යෝජනා කර ඇත්තේ “පූජනී ස්ථාන නියාමනය සහ ඒවා ගොඩ නැගීමේදී යම් තාර්කික පදනමට සීමා කිරීම, රටට එක නීතියක් යන සංකල්පය තහවුරු කිරීම, රටේ සෑම පුරවැසියෙකුටම එක නීතියක් බලපැවැත්වීම, පූජනීය ස්ථාන දේශපාලණීකරණයෙන් නිදහස්වීම” බවයි. මැතිවරණ කොමසාරිස්තුමා මෑතකදී පූජනීය ස්ථානවල මැතිවරණය හා සම්බන්ධව නීති පැනවූවේ ගාමිණී විජේසිංහ මහතාගේ සාක්ෂිය පාදක කරගෙනදැයි නොදන්නා නමුත් භික්ෂුවගේ ඓතිහාසික කාර්‍යභාරය දන්නා මැදගොඩ අභයතිස්ස්ස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා එවන් වගන්තියක් සම්මුතියේ මාලිමාවට නොදමුනු ඇති බව ඉතා විෂ්වාසයෙන් පැවසිය හැක. විජේසිංහයන් ඉදිරිපහ් කර ඇති අනෙක් කරුණු සම්මුතියේ මාලිමාවේ ඇතිනම් ඉන් වන අයහපත කුමක්දැයි දැනගනු කැමැත්තෙමි.
එම මාධ්‍යවේදියා මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේට දේශපාලනය සහ ව්‍යවස්ථාව පිළිබඳව කතා කිරීමට පරිචයක් නොමැති බව පවසයි. පනස් හයේදී සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයට අවශ්‍ය මූලික අඩිතාලම දැමුවේද මහා සංඝරත්නයයි. හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්, මැදගොඩ සුමනතිස්ස නාහිමියන් ආදී මහතෙරවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරුණු යතෝක්ථ දස පනත දස රාජ ධර්මයෙහිද ඡායාව සහිත සමකාලීන අවශ්‍යතාවන්ද ඉටු වන අයුරින් ඉදිරිපත් කරන ලද අතර එය පිළිගත් බණ්ඩාරනායක මහතාට අතිවිශිෂ්ට ජයක් හිමිවිය. පනස් හයේදී ඉදිරිපත් කරන ලද ‘දස පනත’ එතෙක් පැවති පරගැති දේශාපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කර ඇත. දේශීයත්වයට මුල් තැන දෙමින් නොබැඳි ප්‍රතිපත්තියක් හරහා ජාත්‍යන්තරය සමග ද කටයුතු කිරීමේ හැකියාව ඒ තුළින් ප්‍රකට කොට ඇත.
ඉතිසහාසයේ දේශය හා ජාතිය ආපදාපන්න අවස්ථාවකට පත් වූ සෑම විටෙකම මේ රටේ භික්ෂූන් වහන්සේ ඉදිරිපත්ව ඊට පිහිටවී රටත් ජාතියත් බෙරා ගත්හ. දුටුගැමුණු රජු දවසත් වළගම්බා රජු දවසත් ධාතුසේන රජු දවසත් ඇතිවූ තීරණාත්මක තත්ත්වයන් හමුවේ මෙරටේ භික්ෂූන් වහන්සේ සිය කාර්‍යයභාරය නොකරන්නට සිංහල ජාතිය අවසන්වී බොහෝ කල් ගතවී ඇත. දේශයේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන්, විශේෂයෙන්ම සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ප්‍රතිඥා දෙන අයකු වෙනුවෙන් අවශ්‍ය කවර වූ හෝ දෙයක් කරන්නට එදා භික්ෂූන් වහන්සේ සූදානමින් සිටි බව දුටුගැමුනු රජතුමන් සම්බන්ධ කතා පුවත්වලින් අනාවරණය වෙයි. රටේ අනාගතය වෙනුවෙන් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තිස්ස, සද්ධාතිස්ස බවට පත් කිරීම අවශ්‍යතාවක් ව පැවති විට ඔහුව කරමතින් ගෙන යාමට පවා දෙමටමල් විහරයේ භික්ෂූන් වහන්සේ ක්‍රියා කළහ. වාරියපොල හිමියන් සේම කුඩාපොළ හිමියන් ඇතුළු ඓතිහාසික භික්ෂූන් වහන්සේ ඒ ඒ අවස්ථාවේදී සිය කාර්‍යභාරය මනාව ඉටු කළ නිසාම දේශයත් ජාතියත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත විය. මෙරට භික්ෂූන් වහන්සේගේ ඓතිහාසික භූමිකාව එබඳු කැපවීමකින් හා පරිත්‍යාගශීලීත්වයකින් යුක්ත වූවක් බව සිහියේ තබාගෙන කටයුතු කිරීම සැමගේ යුතුකමක් හා වගකීමක් වේ. ‘ජාතික විද්වද් භික්ෂු සංසදය’ අද මේ කරගෙන යන්නේ ඒ ඓතිහාසික භූමිකාව තුල පිහිටා කටයුතු කිරීමයි.
මේ ආකාරයට ජාතික ව්‍යාපාරයේ සිටින සියල්ලන් හට සතුටු විය හැකි යෝජනා මාලාවක් සම්මුතියේ මාලිමාවෙන් ඉදිරිපත් කර ඇතිවිට ජාතික ව්‍යාපාරයේ සුළු පිරිසක් මේ රඟන නාඩගම කුමක්දැයි සිතා ගැනීමට අපහසුවේ. සම්මුතියේ මාලිමාව සඳහා දායක වූ සැමට උත්කෘෂ්ඨලෙස සතුටු විය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත්ව ඇති මේ මොහොතේ කටුකොහොල් හිතෙන් දුරුකර සම්මුතියේ මාලිමාවේ දිශාවට රට රැගෙන යෑමේ කර්‍යභාරයට ජාතික විද්වද් භික්ෂු සංසදය හා එක්වෙන ලෙස ජාතික ව්‍යාපාරයේ ඉන්නා සියල්ලන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
යසස් ධර්මදාස
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක සභාව
උපුටා ගැනීම ඉරිදා දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...