විදේශීය රටවල්වලින් 2018 වර්ෂයේදී සංවර්ධන කාර්යයන් සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 632.68ක් ලබාගෙන ඇත. එම මුදල රටවල් අටකින් ලබාගෙන තිබේ. වැඩිම මුදල වන ඩොලර් මිලියන 164.78ක් චීනයෙන් ලබාගෙන ඇති අතර, ජපානයෙන්ද ඩොලර් මිලියන 95.78ක් ලබාගෙන ඇත. එහිදී ඔස්ට්‍රේලියාව, ජපානය, කොරියාව හා ඇමෙරිකාව ප්‍රධාන ලෙස ඩොලර් මිලියන 75.92ක් ලබාදී ඇත.
එම මුදල්ද ඇතුළුව ණය ලබාදෙන නියෝජිත ආයතනවලින් 2018 වර්ෂයේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 1241.59ක් ලබාගෙන තිබේ.
එයින් ඇ.ඩො. මිලියන 1108.67ක් ලබාගෙන ඇත්තේ ණය වශයෙනි. ප්‍රදානයන් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 132.92ක් ලැබී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...