සියලු ආගම්වලට සම ගෞරවයක් හිමිවන අනාගමික ලෞකික රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවට සංහිඳියාව උදෙසා කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශ යටතේ දක්වා ඇත.
එමගින් සම පුරවැසි භාවයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසත්, සංහිඳියාවේ ඇරඹුම් ලක්ෂ්‍යය ලෙස පෙන්වා දී තිබේ.
සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් පසු ප්‍රවිචාරණය කාර්ය සාධක බළකාය විසින් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු විය යුතු බව නිර්දේශ කර තිබේ.
සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව සඳහා යෝජිත යාන්ත්‍රණයක් පිළිබඳ ජනාතාවගේ අදහස් චිචාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ 2015 ඔක්තෝබර් පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ තීරණ ප්‍රකාරව ශ්‍රී ලංකාව රජය සම අනුග්‍රහ ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් 2016 ජනවාරි අග භාගයේදී සිවිල් සමාජයෙන් තෝරාගත් 11 දෙනකුගෙන් යුත් ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය පත් කෙරිණි. එහිදී සංහිඳියාව සඳහා ජනතාව යෝජනා කිරීමට අපේක්ෂා කළ අනෙකුත් යාන්ත්‍රණ හා සාකච්ඡා කෙරිණි. ඒ අනුව ඉදිරිපත් කළ අවසන් වාර්තාවේ ඒ බව දැඩි අවධානයට යොමු කර ඇත.
ඊට අමතරව යුද හමුදාව අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, රැඳවියන් මෙන්ම රැඳවුම් මධ්‍යස්ථාන පිළිබඳ ලැයිස්තුවක් නිකුත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම හා ඒ යටතේ රඳවා සිටින චෝදනා නොමැති පුද්ගලයන් නිදහස් කිරීමටද නිර්දේශ කර ඇත.
යුද ගැටුම්වල වින්දිතයන් සඳහා සැමරුම් දිනයක් ප්‍රකාශයට පත්කර වින්දිතයන්ට ගරු කරමින් රජය විසින් සැමරුම් කළ යුතු බවටද සඳහන් කර තිබේ.
සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකායේ සභාපතිනිය ලෙස මනෝරි මුත්තෙට්ටුවගම මහත්මියද ලේකම් ලෙස ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කටයුතු කළේය. එහි සෙසු සාමාජිකයන් වූයේ මහාචාර්ය දයා සෝමසුන්දරම්, මහාචාර්ය සිත්‍රලේගා මෞනගුරු, ශර්මිලා සමරතුංග, ආචාර්ය ෆර්සා හනීෆා, ගාමිණී වියන්ගොඩ, මිරාක් රහීම්, කේ.ඩබ්. ජනරංජන, විශාකා ධර්මරාජ, ශාන්තා අභිමානසිංහම් යන මහත්ම මහත්මීන්ය.
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...