අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍යධුරෙය් රැදීසිටියයුතු බවත් වත්මන් ජාතික ආණ්ඩුව හෝ එජාප තනි ආණ්ඩුවක් ක්‍රියාත්මක වියයුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කර ඇත.
මීට අමතරව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගන්නා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධීපතිතුමාගෙන් ඉල්ලා ඇත.
පාර්ලිමේන්තුවේ දැනටමත් බහුතරය තිබෙන බව ජනාධිපතිතුමාට 15 වෙනිදා රාත්‍රි දැනුම් දුන්බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසීය.
මෙම යෝජනා ගැන අවසන් තීන්දුව 16 වනි දින ජනාධීපතිතුමා විසින් තීරණයක් ගැනීමට නියමිතයි. ඒ අනුව ඒ ගැන ප්‍රකාශ කිරීම සඳහා 16 වැනි දින ජනාධිපතිතුමා ජාතිය ඇමතීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...