දේශීය පුවත්

කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ඇතුළු සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මෙවර ජනාධිපතිවරණයේ දී තම සහයෝගය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මහාවංශය කෘතිය එළි දැක්වීමේ මහා සමුළුවේ දී තීරණය කර ඇත.

කිරිබත්ගොඩ හිමියන් හෝ මහමෙව්නාව අසපු සංචිතය මෙතෙක් දේශපාලන කරුණු වල දී ඍජුව මැදිහත් වනු දක්නට නොලැබුණු අතර මෙවර මැතිවරණයේ දී බුද්ධ ශාසනයේ අනාගතය වෙනුවෙන් තමන් වහන්සේ මෙම තීරණය ගත් බව එම හිමියන් සඳහන් කරති.

උන්වහන්සේ මේ වන විට බෞද්ධ ගුරු හිමි නමකට සිටින වැඩිම ශිෂ්‍ය පිරිස වන 1000 ට අධික සඟ පිරිසකට අනුශාසනා කරන අතර උන්වහන්සේ සමඟ ලක්ෂ සඛ්‍යාත ගිහි දායක පිරිසක් ද සිටී.

දේශීය සහ විදේශීය වශයෙන් අසපු ශාඛා 100 ට ආසන්න ප්‍රමාණයක් උන්වහන්සේ යටතේ පැවතීම සහ උන්වහන්සේ සිදු කරන වාර්ෂික පින්කම් වල දී ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් පිරිසක් උන්වහන්සේ සමඟ එකතු වන නිසා උන්වහන්සේ ගේ මෙම තීරණය මෙවර ජනාධිපතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වනු ඇත.

ඒ වාගේම උන්වහන්සේ කිසි විටෙක දේශපාලනය සිදු කර නොමැති නිසා උන්වහන්සේ ට විරුද්ධව දේශපාලන උපක්‍රමයක් ලෙස හෝ මඩ ප්‍රචාර සිදුකර ඡන්ද පදනම රැක ගැනීමට අනෙකුත් අපේක්ෂකයන් ට ඇති අවස්ථාව සීමා සහිත ය.

නමුත් මේ දක්වා උන්වහන්සේ අයිතිය දරණ ශ්‍රද්ධා රූපවාහිනියේ හෝ දැනට ශ්‍රේණිගත කිරීම් වල 6වන ස්ථානයේ පවතින ගුවන් විදුලියේ කිසිදු දේශපාලන පක්ෂයකට සහාය පළ කරමින් වැඩසටහන් විකාශයනය කර නැත.

එමනිසා උන්වහන්සේ ගේ මෙම තීරණය රටේ පවතින තත්වය හමුවේ හදීසි යේ ගනු ලැබු තීරණයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. කෙසේ නමුත් මාධ්‍ය සදාචාර උපමාන අනුගමණය කල පෞද්ගලික මාධ්‍ය අතළොස්ස අතරට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය තවමත් එකතු වී ඇත.

මේ අවස්ථාවේ දී කිරිබත්ගොඩ හිමියන් ගෝඨාභයට සහාය දක්වමින් ඉල්ලීම් 7 ක් ඉදිරිපත් කළ අතර ගෝඨාභය මහතා එම යෝජනා සාදුකාර දී පිළිගත්තේ ය.

ඒවා නම්

1.
ඓතිහාසික වශයෙන් තහවුරු වී ඇති මේ රට සිංහලයන්ගේ එකම මාතෘභූමිය වේ. මේ සිංහල රටෙහි අන්‍ය ජාතීන්ට ද සිය අනන්‍යතාවය තුළ සිංහලයා සමඟ සාමකාමීව වාසය කිරීම උදෙසා කටයුතු කළ යුතු ය.

2.
එසේම, මේ සිංහල රටෙහි ජාතියක් මුල් කොට හෝ ආගමක් මුල් කොට හෝ දේශපාලන මතිමතාන්තර මුල් කොට හෝ භූමිය මුල් කොට හෝ කිසිදු ආකාරයක ත‍්‍රස්තවාදයක් ඇති වීමට ඉඩ නොතැබිය යුතු ය.

3.
එසේම, ජාතිවාදය තුළ හෝ ආගම්වාදය තුළ හෝ කුමන්ත‍්‍රණකාරීව මාතෘභූමියට එරෙහිව දේශපාලනයේ යෙදුන කිසිදු දේශපාලඥයෙකු සමග සම්බන්ධ නොවිය යුතු ය.

4.
එසේම, සිංහලයාගේ පාරම්පරික උරුමය සනිටුහන් කරන ලද ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමත්, දියුණු කිරීමත් පිණිස කැපවිය යුතු ය.

5.
එසේම, අපගේ මාතෘභූමියේ ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය සුරකින අතර, මාතෘභූමිය කිසියම් ම හෝ අයුරකින් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන්ට පාවාදීම හෝ විකිණීම නොකළ යුතු ය.

6.
එසේම, පෙර සිංහල රජදරුවන් සෙයින් සිංහලයන්ගේ අභිමානයත්, ආර්ථික සමෘද්ධියත්, ජාතික සුරක්ෂිත භාවයත්, බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් ස්ථාපිත කළ යුතු ය.

7.
එසේම, මේ ශ්‍රී ලංකාව තුළ කවර හෝ ජාතිවාදී, ආගම්වාදී සහ අන්තවාදී මත දරන්නන්ගේ බලපෑම් මත නීතිය අවභාවිතයේ යොදවමින් සිංහල බෞද්ධයා පෙළීමට ඉඩ නොතැබිය යුතු ය.

වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More