වත්මන් ජාතික ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු සහාය ලබා දුන්නොත් තමන් එම පිරිසගේ බෙලි මිරිකන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ පතිපත්ති පාවාදී පසුගිය පාලන සමය යළි ගෙනඒමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු පාවා දෙනවානම් ඔවුන්ට ජනතාවගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවද විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
එවැනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමාටද කිසිකෙනෙකු ආරාධනා කළ බවත් තමා එම ආරාධනා ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රකාශ කළ විජේපාල හෙට්ටිආරච්චි මහතා සදහන් කරන්නේ කිහිපදෙනෙකු එසේ යන බවට පැතිරයන ආරංචි ගැන තමා දැඩි අවධානයකින් පසුවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...