ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සහ උතුරු – නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක නායකයන්, එම පළාත්වල විද්වත් වෘත්තිකයන් පිරිසක් අතර අද (10) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව එම ස්ථානයේදීම මාධ්‍ය සාකච්ඡාවක්ද සිදු කෙරිණි. එම මාධ්‍ය හමුවේදී ජානිපෙ නායක විමල් වීරවංශ, ඉංජිනේරු වෘත්තික පද්මනාදන් තයාබරන්, ඉලවර් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන මණඩල සභික පී.එල්. රිචඩ්, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක එස්. විෂ්ණුකාන්තන් යන මහත්වරු අදහස් දැක්වූහ.
ඉහත සාකච්ඡාවේදී ‘උතුරේ ජනතාව වෙත දකුණේ ජනතාවගෙන් : ජාතික ගැටළුව දිර්ඝකාලීනව විසදීම සදහා වන මූලික ආරම්භක ප්‍රවේශය’ යන තේමාව යටතේ ලියැවුණු දස වැදැරූම් වැඩ පිළිවෙළක් ද විමල් වීරවංශ මහතා විසින් ඉහත පිරිස වෙත පිළිගැන්වීය. එම දසවැදැරූම් වැඩපිළිවෙළ උතුරේ ජනතාව වෙනුවෙන් විමල් වීරවංශ මහතා විසින් අනාගත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත භාර දීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...