දේශීය පුවත්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට (FCID) අත්අඩංගුවට ගැනීම සහා ජාත්‍යන්තර පොලීසිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් ඉඩ ලබානොදුන්නේ නිසි චෝදනා එල්ලවී නොමැති නිසා බවත් FCID එකට මෙරටදී දේශපාලන පළිගැනීම් සිදුකිරීමට හැකි වුවත් එතෙරදී එසේ කිරීමට නොහැකිවී තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
උදයංග වීරතුංග මහතා රැගෙන ඒමට ඩුබායි ගිය නිලධාරීන් හිස් අතින් පැමිණි බවත් මෙම නිලධාරීන්ට නිකරුණේ වැයකළ මුදල අව භාවිතයක් නොවේද? කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මීට අමතරව රාජපක්ෂවරුන් විදේශ රටවල මුදල් සඟවා ඇති බව පවසමින් FCID ආයතනයේ ඉහළ නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් රැසක් විදේශ රටවලට ගොස් සවාරි ගසා ඇති බවත් මේ ගැන විෂයභාර අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නකළ විට ඊට පිළිතුරු ලබානොදුන් බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
අසත්‍ය චෝදනා ගොනුකරමින් දේශපාලන පළිගැනීම් සඳහා ආණ්ඩුව පිහිටුවා තිබෙන ආයතන ගැන තොරතුරු ලබාගැනීමට තොරතුරු ලබාගැනීමේ අයිතිය යටතේවත් ඉඩලබානොදෙන්නේ ඇයිද? කියා නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.
කෙසේනමුත් දේශපාලන පළිගැනීම් සඳහා FCID ආයතනයට උපදෙස් දුන් දේශපාලඥයින්ට සහ එම උපදෙස් ක්‍රියාත්මක කරන ලද FCID නිලධාරින්ට එරෙහිව තමා නියොජනය කරනු ලබන ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට අවශය පියවර ගන්නා බවද ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More