දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

අද දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඊට අදාළ ලිපි ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි බවයි.

එසේම තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙක් බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමින්  ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ.

එහිදී පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් පැවූවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තමාගේ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති බවත් මෙය සම්පූර්ණ නීති විරෝධි ක්‍රියාවක් බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මාධ්‍ය සාකච්ඡාව පහතින්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More