ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 9 වැනිදා රාත්‍රී මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කොට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සියලු ප්‍රශ්න අමතක කර මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා දිගින්දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගේ සහයෝගය තීරණාත්මක නිසා කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එසේ සහයෝගය ලබාදෙන්නේ නම් ඉදිරි ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් පත් කිරීමටද කටයුතු කරන බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කොට ඇති බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වා තිබෙන්නේ කෙබඳු ප්‍රතිචාරයක් ද යන්න මේ දක්වා වාර්තාවී නොමැත.
කූඹියා නිව්ස්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මාස තුනකට විතර අගමැතිකම දෙයි.