ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල ලියවිලි ලබා දෙන්නැයි බලකරමින් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් අද දහවල් කොළඹ නිදහස් චතුරස්‍ර යේ දී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් නිදහස් චතුරශ්‍රයේ වාඩිවී සිටින හිමිනම නියෝජනය කරන ශේගීන් නම් නිකායේ ලේඛකාධිකාරී නායක හිමි වන කිරිඹරුවේ ධම්මානන්ද හිමි සදහන් කර ඇත්තේ තම නිකාය නියෝජනය කරන මෙම භික්ෂූන්වහන්සේ තමන් කිසිදු කෙනෙකු දැනුවත් කිරීමකින් තොරව මෙම කාර්ය සදහා යොමුවී ඇති බවය.
ලංකා ලීඩ් නිව්ස් අප මේ සම්බන්ධයෙන් විසීමක් කළ අතර එහිදීද උන්වහන්සේ පවසා සිටියේ රටට ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සදහා දින කිහිපයක් තිබියදී මහජනතාවගේ සිත්තුල වැරදි අවබෝධයක් ඇති කිරීම සදහා එම භික්ෂුන්වහන්සේ විසින් කරන මෙම උපවාසය භික්ෂූත්වයටද නොගැලපෙන ක්‍රියාවක් බවය.
කෝට්ටේ පාර්ශවයේ අනුනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, පූජ්‍ය පොකුණුවිට කිරිඔරුව නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අද සවස 4ට නිදහස් චතුරශ්‍රයට පැමිණ එම උපවාසය බොරුවක් බවට ප්‍රකාශයක් කිරීමට කටයුතු කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...