මෙරට ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති කරමින් පසුගිය ඔක්තෝම්බර් මස 17 වෙනිදා විවෘත කරනු ලැබූ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපපළේ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් ජනතාව වෙනුවෙන් ආරම්භ කරන බව ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කර සිටි.
ගුවන් තොටුපල නිලධාරීන් සඳහන් කර සිටියේ සතියට දින තුනක් ගුවන් ගමන් සේවාවන් සිදුකිරීමට නියමිත අතර සඳුදා, බදාදා, සහ සෙනසුරාදා යන දිනයන් හිදී ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වන බවයි.
ඉන්දියාවේ චෙන්නායි සිට උදැසන 10.35 ගුවන් යානාය යාපනය බලා පිටත්වීමට නියමිත අතර, නැවත අදාළ ගුවන් යානය යාපනය සිට සවස 2.10 ට චෙන්නායි දක්වා ගමන් කිරීමට සුදානම් කොට ඇති බවද ගුවන් තොටුපොළ නිළධාරීන් ප්‍රකාශ කර සිටියේය.
යාපනය සිට චෙන්නායි දක්වා එක් ගුවන් ගමන් සේවාවක් වෙනුවෙන් රුපියල් 12,990 ක් අය කිරීමට නියමිත බවද ගුවන් තොටුපොළ නිළධාරීන් සඳහන් කර සිටි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
චන්දෙ දාන්නත් ඒවිද?