දේශීය පුවත්

මෙවර ජනාධිපතිවරණයට තරඟ වැදීම අතහැර දමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට එකතු වන ලෙස ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කරන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා මොරවක ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

රන්ජන් රාමනායකගේ ප්‍රකාශය සනාත කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.

‘‘ගෝඨාභය එනවට බයේ සජිත්ට ජන්දේ දෙමු කියලා ජනතා විමුක්ති පෙරමුණේ අයත් දැන් කතා වෙනවා. දැන් අලුත් කතාව එහෙම තමයි. ඒ ඡන්ද ව්‍යාපාරය හදලා තිබුණේම එහෙම. ඒක අපේ අනුර මල්ලිලාට තේරැන් නැති උනාට ඒක තමයි කතාව. ඉස්සර වෙලා එකතු කරනවා ජන බලවේගයට. ඡන්දේ කිට්ටු වෙද්දි මොකක්ද වෙන්නේ මේ දවස්වල මොකක්ද වෙන්නේ. එනපොට හොද නෑ ආපසු සැරයක් ගෝඨා එන්න යන්නේ. ආවොත් ලොකු මර්ධනයක් එනවා. ඒ නිසා දෙවැනි මනාපය සජිත්ට.

දැන් නම් කියවෙන්නේ දෙවැනි මනාපය නොවෙයි පළමු මනාපය සජිත්ට දීලා දෙවැනි මනාපය අනුරට දෙන්න. බලන්න තව ටික දවසකින් තව දවස් දෙක තුනක් යද්දී මේ කතාව තව තීව්‍ර වෙනවා.‘‘

ඔහු මේ අදහස් පළකළේ බෙන්තොට හඹුරුගලදී පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More