දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අත්සන් ලැබීමේ කටයුතු ආරම්භ කර තිබියදී ඊට යම් වෙනස් දේශපාලන තත්ත්වයක් ඊයේ (15) රාත්‍රි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවෙන් පසුව උදාවී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

විදෙස් රටවලින් එල්ලවන බලපෑම්ද සැලකිල්ලට ගෙන යහපාලන ජනවරම ආරක්ෂා කරගනිමින් වත්මන් ජාතික ආණ්ඩුව තවදුරටත් ගෙනයාහැකි බව මෙහිදී තීරණයවී ඇතිබව වාර්තාවේ. සන්ධාන තනි ආණ්ඩුවක් බිහිකිරීමේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ අමාත්‍යවරුන්ගේ උත්සාහයද තවම නතරවී නොමැත. කෙසේ නමුත් වර්තමානයේ පවතින්නේ දැඩි දේශපාලන අර්බුදයක් බව දේහපාලන විචාරකයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More