ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත්කර ගැනීම සනාත කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක නිරත වන්නේ මුදලට යටවී බවට උන්වහන්සේගේ විහාරයේ දායකයෝ පවසති.
මේ අතර සුමංගල හිමියන්ගේ නිකායේ මහානායක හිමියන් අද එම ස්ථානයට වැඩමකර සුමංගල හිමියන්ගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කළහ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත්කර ගත් බවට වන ලියකියවිලි ඔහුගේ නීතිඥයන් විසින් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කර තිබෙන පසුබිමක එම ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් අද දෙවන දිනටත් උපවාසයේ නිරත විය.
අද පෙරවරුවේ එමඉස්ථානයට පැමිණි සෙයිජින් නිකායේ මහානායක හිමියන්ගේ ඉල්ලීමද නොසලකා හරිමින් කරන උපවාසය සහ එම හිමියන්ගේ ක්‍රියා කලාපය ට විරෝධය පළ කරමින් උන්වහන්සේ විහාරාධිපතිත්වය දරණ වැලිවේරිය , මණ්ඩාවල, ශ්‍රී නන්දාරාම විහාරස්ථාන යේ දායක සභාව සාමකාමී විරෝධයක නිරතවිය.
මේ අතර එක්සත්ජාතික පක්ෂ හිතවාදී පිරිසක් එම ස්ථානයට පැමිණි මහානායක හිමියන්ටද අපහාස වන අන්දමින් අශෝබන ලෙස හැසිරී ඇති අතර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට අත්වන නියත පරාජය හමුවේ ඔවුන් වියරු වැටී සිදු කරන ක්‍රියාවක් බවට බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
“එම ඉස්ථානයට පැමිණි සෙයිජින් නිකායේ මහානායක හිමියන්ගේ ඉල්ලීමද නොසලකා හරිමින් …..”
මොකක්ද මේ “සෙයිජින්” නිකාය කියන්නේ?
අපේ රටේ පිරිසිදු බුදු දහම තියෙද්දී ඇයි මේ ජපානය ඒ ගොල්ලන්ගේ මහායාන බුදු දහම මෙහෙ පැල කරන්න හදන්නේ? පුරාන දඹුලු විහාරය අබියසත් ඒ පලාතට කොහොමටවත් නොගැලපෙන මේ ගොල්ලන්ගේ විශාල සිමෙන්ති බුදු පිළිමයක්!
ඇත්තටම කියනවා නම් පිළිම වන්දනාව බුදුහාමුදුරුවෝ අනුමත කරලා නෑ. සිරිපතුල් ගල් තමයි ඒ කාලයේ වන්දනා කරලා තියෙන්නේ. ඒ මදිවට අපේ වුනත් ගොඩක් බුදු පිළිම වල මුහුණ කාන්තා මුහුණක් වගේ! අඩු ගනනේ සමාධි පිළිමය , ගල් විහාර පිළිමය වගේ උදාර , තේජස්වී මුහුණක් තියනවනම් තව කමක් නෑ. දෙතිස් මහා පුරිස ලක්ෂණ තියනවා කියමින් කාන්තා මුහුණු අඹ්නවා!
සමහර රමණීය උස් කදුවල ටුක් ටුක් ගාල කෝටුවකින් බෙරයකට ගහන ජපන් හාමුදුරුවරු ඉන්න පන්සල්. ලංකාවට ඇවිත් ඉන්න ඕන නම් ලංකාවේ ථෙරවාද බුදු දහමට අනුගත වෙන්න ඒ හාමුදුරුවන්ට බැරි ඇයි? ඕනෑතරම් සල්ලි වීසි කරන නිසාද අපේ හාමුදුරුවරු මේ නිකාය වලට ඇතුළු වෙන්නේ? මහජනයා හරිනම් මේ විකාර නිකායවල් වර්ජනය කරන්න ඕන.
“උපවාසයක නිරත වන්නේ මුදලට යටවී බවට උන්වහන්සේගේ විහාරයේ දායකයෝ පවසති…”
තවත් අපිට මතක් වෙන දෙයක් තමයි ඇමරිකානු MCC ගිවිසුමේ ආර්ථික කොරිඩෝ වල ආයෝජනය කරන්න අයිතිය තියන සීමිත රටවල් අතාරින් ජපානයත් එක රටක් කියල! මුදල් වලට අමතරව යටින් මොන මොන අරමුණු තියනවද කවුද දන්නේ?