එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙන්නේ යැයි පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අද දිනයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන පොහොය දින වැඩසටහනක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වනු ඇති බවත් ඒ සඳහා සියලුම මැති ඇමතිවරුන්ට ආරාධනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
සංස්කෘතික ඇමැතිවරයා ලෙස ජන සජිත් ප්‍රේමදාස මහතා මෙම උත්සවයට සහභාගි වනු ඇත්තේ ත්‍රිපිටකාභිවන්දනා වැඩපිළිවෙළ සඳහා සහභාගි වූවන්ට සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා විෂයබාර ඇමැතිවරයා වශයෙන් යයිද ඔහු කියා සිටියේය.
ඒ හැර ජනාධිපතිවරණ අපේක්ෂක අපේක්ෂකත්වය හෝ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පුද්ගලිකව කිසිවක් ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා සිදු නොවනු ඇති බවද ඔහු කියා සිටියේය.
=============================================================
මෛත්‍රි-සජිත් හමුවක් අද
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී අද (12 වැනිදා) පෙරවරුවේ සිදු වීමට නියමිතව ඇත.
ජනාධිපති මන්දිරයේ අද (12 වැනිදා) පැවැත්වෙන පොහෝ දින බණ වැඩසටහන සඳහා සහභාගි වන ලෙසට ජනාධිපතිවරයා රජයේ සියලුම මැති ඇමැතිවරුන්ට ආරාධනා කර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. මෙම බණ වැඩසටහනින් පසු සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපතිවරයා අතර හමුව සිදු වනු ඇතැයි වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...