දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 54කින් පැහැදිලි ජයග්‍රහණයක් ලබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විරුද්ධ පාක්ෂිකයින් මේ වන විට විවිධ මඩ පචාරයන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

වත්මන් රජයට ගතවූ වසර 5ක කාලය තුළ සියලුම චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු දැමීමට හැකියාව තිබූ බවත්, මේ වන විට සිදුව ඇත්තේ පරාජයේ බිය හේතුවෙන් විවිධ මඩ ප්‍රචාරය කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.



One thought on “ගෝඨාභය සියයට 54කින් පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා – මහින්ද”

  1. “…ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 54කින් පැහැදිලි ජයග්‍රහණයක් ලබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.”

    සියයට 54 නෙවෙයි, 75%-80% ටම ආසන්න වන විජයග්‍රහණයක්!

    ඔය පැෆරල්, අරක මේක කියල කරන සමීක්ෂණ නියැදි (සාම්පල) අරගෙන කරන ඒවා මිසක් හැමෝගෙන්ම අහල කරන ඒවාද? ඕවයේ කොයි තරම් bias තියෙන්න පුලුවන්ද? ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙනවා කියල හරියට කියන්නවත් ඔය ජාතියේ සමීක්ෂණ වලට බැරිවුනා. ජනාධිපති සිරිසේන අතේ තියනවා කියන බුද්දි අංශ සමීක්ෂණය ගණන් ගන්න ඕනත් නෑ. MCC ගිවිසුමට එකග වුනාට පස්සේ අපට එයාව කොහොමටවත් විස්වාස නෑ.

    ඒ අතර කල්පනා කරන්න ඕන දෙයක් තමයි මෙවර ගෙනත් තියන අමුතු චන්ද නීති.
    චන්ද දායකයින් හැකි තරම් අඩු කරනවා මදිවට (18+ නීතිය නිසා ) මේ දක්වා සෑහෙන පිරිසකට හැදුනුම් පත් නිකුත් කරලත් නැහැ කියනවා.
    ඒ මදිවට කතිරෙන් කොටුව කැපෙන්නත් බැහැ කියනවලු? වයසක අයට ගෙදරදී කොලයක පුංචි කොටුවක් ලකුණු කරවාගෙන ඒ විදියට නොකැපෙන්න කතිරය ගහල පුරුදු වෙන්න වේවි!
    “මැකෝ සමග රසකතා ” කියල (දෙරණ නාලිකාවේ ?) ගිය සංවාදයකදී නම් ජනතාවගේ පරම අයිතිවාසිකමක් වන චන්දය ගැන මහා ලොකුවට කතාකලා. අපට නම් කිසිසේත්ම එය “රසකතාවක්” වුනේ නෑ. එහිදී වැඩි කාලයක් අරගෙන කතා කලා ” මනාපය” ලකුණු කිරීමක් ගැන. ඒ වගේම චන්ද නීතියේ තියෙන්නේ ” 1 ඉලක්කම ” ගහන්න කියලයි කියා සෑහෙන්න අවධාරණය කලා. “1” ගහන කෙනෙක්ට 2, 3 ලකුණු කරන්න ඕන කියල අදහසක් එන්නත් පුළුවන් නේද? මනාප ගැන සැහෙන්න කියවල “මනාපය ලකුණු කරන්න ඕන නැත්නම් කතිරය ගහන්න පුළුවන් ” කියල කතිරය ගැන අන්තිමට කිවුවේත් හරියට ඒක නොකිය ඉන්න බැරිම නිසයි වගේ කියල තමයි බලන් ඉන්න අයට නම් පෙනුනෙ! කතිරෙන් කොටුව කැපෙන්න බැහැ කියල නම් කියවුනේම නැහැ !
    (මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අයෙක්ම ?) 1,2,3 මනාපයන් දිය යුතුමයි කියල ප්‍රසිද්ද මාධ්‍ය වල කියා තිබීම නිසාම මේ සංවාදයේදී සාපේක්ෂව “මනාපයට” සහ “කතිරයට ” වෙන් කල වෙලාව වැදගත් වෙනවා.

    අපේක්ෂකයෝ (13ක් ?) අනික් අය වෙනුවෙන් ඉදිරිපත් වුන බව හදුනාගත් බව හා චන්ද පත්‍රිකා දිගුවීම, ඒ දිගුවීම නිසා සල්ලි නාස්තියත්, මේ වගේ දේ වැළැක්වීම ගැන ඉදිරියේදී පනත් ගේන්න ඕන කියලත් සෑහෙන්න කතා කල. හැබැයි ඉතින් ඔය ජනාධිපතිවරණ චන්දයට “මනාපය ” අවලන්ගුයි කියල නීතියක් තිබුන නම් නිකම්ම ඔය “මුක්කු ගහන ” අපේක්ෂකයොත් හැලේනව, චන්ද කොළෙත් කොටවෙල වියදමත් අඩුවෙනවා!

    “මුක්කු ගැහීම ” වැරදි වෙලා “මනාපය දීම ” හරි වුනේ කොහොමද?

    එතකොට අර පුංචි කොටුවක් ඇතුලත තියෙද්දී “පොහොට්ටුවට” ඉතාම සමාන, විශේෂයෙන්ම වයසක කෙනෙකුට එකිනෙකට වෙනස් කරලා අදුරගන්න බැරි “නුලක් එක්ක බැලුම් බෝලය ” සහ “ලයිට් බලුබය ” කියන චන්ද ලකුණු ප්‍රතික්ෂේප කලේ නැත්තේ ඇයි කියල නම් කියවුනේ නැහැ! (අඩුගානේ වයසක චන්ද දායකයෝ ගැන හිතල)
    “නාමල් රාජපක්ෂ ” කියන අපේක්ෂකයා එනම දරන මන්ත්‍රී නෙවෙයි කියල ජනතාව දැනුවත් කරන්නත් මේ අයට අමතක වුනා. සියලු චන්ද “බොරු වලවල් ” ගැන ජනතාව දැනුවත් නොකරන “රස කතාවකින් ” මේ චන්ද වකවානුවේදී ජනතාවට වැඩක් ඇද්ද?
    ඒ අස්සේ comment එකක් වැටෙනවා මැකොගෙන් ඊලග ජනාධිපතිවරණයට එන්නේ නැද්ද කියල අහල! මේ මැකෝ ඒ තරමට ” ජනප්‍රියයි ” කියල අපි නම් දැනන් හිටියේ නෑ . පහුගිය වතාවක චන්දයේදී චන්ද ගණන් කරන කොම්පියුටර තියන ඔහුගේ කාමරයෙදී (එහි නොසිටිය යුතු පුද්ගලයකු එයින් පිටව යන?) වීඩියෝවක් පිටවුනා වගේ නම් අපට මතකයි!

    ජනාධිපති අපේක්ෂක චන්දයකදී මනාපය සුදුසුද?
    තමන් ගෝඨාභයට පළමුවත් දෙවනුව සජිත්ටත් කැමතියි හරි පළමුව අනුරටත් දෙවනුව ගෝඨාභයටත් කැමතියි හරි එහෙම නැත්නම් වෙන combination එකක් හරි ගත්තොත් ඒ චන්ද දායකයගේ චන්දයේ තේරුම මොකක්ද? මේ ප්‍රධාන අපේක්ෂකයෝ 3 දෙනා එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති ඇති පක්ෂ වල අය!
    “මනාප උගුලෙන්” අවාසි වෙන්නේ ගෝඨාභයට කියා කාටද නොතේරෙන්නේ?

    පෙනුන විදියට නම් මේ “මැකෝ සමග රසකතා ” සංවාදය “paid presentation” එකක ස්වභාවය ගත්ත. ඇත්තටම මේක එහෙම එකක් නම්, ඒ වගේම නාලිකාවකින් නොව පුද්ගලික චැනලයකින් කල එකක් නම් ඒ ගැන බලන්නන් සංවාදය අතරතුරදී දැනුවත් කලයුතුම වෙනවා-මොකද මේ ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රකාශ වෙන අවස්ථාවක් සම්බන්ධයෙන් නිසා. මේ සාකච්චාව මෙහෙයවපු කෙනා අතරමැද break එක දෙන විටදී අවංක හිනාවක් වෙනුවට “විරිත්තපු” එක ගැන කවුදෝ කොමෙන්ටුවක් දැම්මේ ඒ නිසා වෙන්න පුළුවන් !

    අවසානයට කියන්න තියෙන්නේ ගෝඨාභයගේ චන්ද රැස්වීම් වලදී මේ ” බොරු වලවල් ” ගැනත් ඒවයෙන් ගැලවෙන විදිය ගැනත් සදහන් කිරීම අත්‍යවශ්‍යයි කියල. ඒවගේම චන්ද පත්‍රිකාවේ යට ඉදල බලාගෙන එන්නත් “ඔටුවාට යටින් ” සහ “ඇස් කන්නාඩියට උඩින්” “හරියට නම බලල ඒ කෙලින් කතිරය කොටුව නොකැපෙන්න ගහන්න” කියල දැනුවත් කරන්න ඕනෑම වෙනවා.

    මේ තරම් ප්‍රයෝගකාර, කැත විදියට මැතිවරණ නීති, සමාන චන්ද ලකුණු හදපු මැතිවරණයක් ගැන මින් ඉහත අහල නෑ. ආයෙත් අහන්න ලැබෙන්නත් එපා!
    අලුත්ම නීතිය මැතිවරනෙන් පස්සේ උද්ගෝෂණ තියන්න බැරිලු-ඒ ගැන ක්‍රියාකරන්න කැමරා සහිතව පොලීසියෙන් ඉන්නවලු.
    මැතිවරනයකින් පස්සේ උද්ගෝෂණ කරනවා නම් අසාධාරණයක් වුන පාර්ශවය නේද ඒ උද්ගෝෂණ කරන්නේ? එහෙම නම් මේ කලින්ම කියන්නේ අසාධාරණයක් වෙන බවද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More