දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය ඔවුන්ගේ කැමැත්ත මතට හැරවීමට උත්සහ කළත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහය අවශ්‍ය නොමැති බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලමු ප‍්‍රධාන අමාත්‍ය ව්රධරාජා පෙරුමාල් මහතා 10 දා මුලතිව් හිදී පැවසීය.
ජනාධිපතිවරණය සඳහා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය සඳහා පැවති රැුස්වීමකදී ජනතාව ඇමතූ ව්රදරාජා පෙරුමාල් මහතා කියා සිටියේ මේ දිනවල උතුරේ පොදුජන පෙරමුණේ රැස්වීම් වලට සහභාගී වී සිටින අති විශාල දෙමළ ජනතාවගේ ප‍්‍රමාණය දකින විට මේ දෙමළ වැසියෝ එදා මෙන් යළි දෙමළ ජාතික සන්ධානයේ වචන වලට නොරැවටෙන බවද කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන වුවමනාවන්ට එදා දෙමළ ජනතාව රැවටුණේ ඔවුන් වසර ගණනාවක්ම යුද්ධයකට කොටු වී සිට ලෝකය පිළිබඳව නිසි වැටහීමක් නොතිබුණු නිසා බව කී ඒමහතා මේ වන විට ඔවුන් යථාර්තය තේරුම් ගෙන සිටින නිසා දැන් ඔවුන් කැමති අපේක්ෂකයාට ඡුන්දය ප‍්‍රකාශ කරන බවද සඳහන් කළේය.
දෙමළ ජනතාවත් දෙමළ දේශපාලන පක්ෂත් භේද බින්න කළේ දෙමළ ජාතික සන්ධානය බව කී වරදරාජා පෙරුමාල් මහතා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා උත්සහ කරන බවද කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
විශේෂයෙන් MCC ගිවිසුම ගැන උතුරේ දේශප්‍රේමී ජනනායකයින් එම ජනතාව දැනුවත් කර ඊට විරුද්දව පෙළගැස්විය යුතුයි.
ඔවුන් තමන්ගේ ඉඩම් ගැන , තමන්ගේ සංස්කෘතිය ගැන දසමයක හෝ කැක්කුමක් තිබේ නම් UNPය සමග අත්වැල් බැද සිටින දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කල යුතුයි.