දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බවත් ඔහ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්නම් දින තුනක් ඇතුළත තහවුරු කර පෙන්වන ලෙස ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියේ ආරම්භ කර ඇති උපවාසයට මේ වන විට දින තුනක් ගතවී තිබේ.

කෙසේ වෙතත් එම උපවාසය සම්බන්ධයෙන් මේ දක්වාම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් කිසිම ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ඇතැම් පුද්ගලයේ ප්‍රශ්න කරති.

මීට පෙර අතුරුලියේ රතන හිමියන් මහනුවරදී පැවැත්වූ සත්‍යග්‍රහයේදීත්, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වූ සත්‍යග්‍රහයේදීත් ඒවා විවේචනය කරමින් මුදල් අමාත්‍යවරයා විවිධ ප්‍රකාශ කළ බව එම පුද්ගලයෝ පෙන්වා දෙති.

උඩුදුම්බර කාශ්‍යප හිමියන් පැවැත්වූ උපවාසය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කළ මංගල සමවීර මහතා ප්‍රකාශ කළේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුලී උපවාසකරුවන්ට ලෙමන් ෆෆ් ගබඩා කිරීමට අවශ්‍ය නොවන බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රෙය් උපවාසයක් ආරම්භ කර සිටින ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් තව දුරටත් උපවාසය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් සිටින බව වාර්තා වේ.

නමුත් ඒ සඳහා දැඩි විරෝධතාවයක් එම උපවාසය මෙහෙයවන්නන් විසින් සිදු කරමින් ඇති බව එම හිමියන්ට සමීප හිමිවරුන් විසින් සඳහන් කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More