ජනාධිපතිවරණයයේ ප්‍රචාරණය නැවැත්වීම සඳහා ඉතිරිව ඇති පැය 72 ක කාලය තුළ විවිධ ජවනිකාවක් රඟ දැක්වීම,කතා පැතිරවීම, මෙන්ම පපුවේ අමාරුව සෑදීම වැනි ජනතාව නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
එවැනි ව්‍යාජ රඟපෑම් වලට ජනතාව නොරැවටෙන ලෙසද ඔහු එහිදි ඉල්ලා සිටියේය.
ඒ මහතා අද (12) දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව අනාවරණය කළේය.
විවිධ කණ්ඩායම් බුද්ධි අංශ වාර්තා සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ වාර්තා බව පවසමින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය බව ප්‍රකාශ කරමින් ව්‍යාජ තොරතුරු මුදා හරිමින් සිටින බවත් සඳහන් කළේය.
මෙම සමීක්ෂණ වාර්තා හෝ සිද්ධීන් රඟදැක්වීම් සහ බොරු ප්‍රචාරවලට ජනතාව නතුකර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතවන කණ්ඩායම්සිටින නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන්නැයි හෙතෙම මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එක් පාර්ශවයක් යුද්ධය අවසන් වී තිබිය දී නැවතත් ව්‍යාජ භියක් පතුරුවා හරිමින් යුද්ධය අලෙවි කිරීම සිදු කරන බවත් එමෙන්ම පාස්කු ප්‍රහාරය තුළ රට අනාරක්ෂිත බව පෙන්වමින් ජනතාව ළඟට ගොස් ඡන්දය යදින බවත් තවත් පිරිසක් ගෝඨා බිල්ලෙක් බව මවා පාමින් මහබැංකු කොල්ලයට වසන්වී ඡන්දය අයදින බවත් මෙම පාර්ශව දෙකම ප්‍රතික්ෂේප කරන්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...