දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය ලබා නොදෙන ලෙසට බලකරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් මත්කුඩු ලෝලීන් 100 ක පිරිසක් යොදවා උපවාසයක් ආරම්භ කිරීමේ සැළසුමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ගෝල්ෆේස්හි පිහිටි එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක පිළිරුව අසල අද  (13) සිට මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා උපවාසයේ යෙදීමටත්, ඒ සඳහා එක් අයකුට රුපියල් 10,000 ක මුදලක් ලබාදීමටත් මෙය සංවිධානය කරන පිරිස් සැලසුම් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම මෙම උපවාසය සඳහා මත්ලෝලී පුද්ගලයන් සොයාදෙන ලෙස අලූත්කඩේ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥ මහත්මයකුට ඉල්ලීමක් කර තිබෙන බවත්, ඒ අනුව නීතිඥ මහතා මෙම පිරිස එකතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැහැදිලි ජයක් ලබන බවට පෙනීයන නිසා එය වැළැක්වීමට දරන මෙවැනි කටයුතු නිසා ඇත්ත ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ ඡන්දය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබාදීම ස්ථිර බවත් මන්ත්‍රීවරයා එම පුවත්පතට ප්‍රකාශ කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More