ජනාධිපතිවරණයට ඉදිරිපත් කර සිටින සජිත් ප්‍රේමදාස යනු රනිල් වික්‍රමසිංහ, මංගල, චන්ද්‍රිකා, සම්බන්ධන් ඇතුළු බෙදුම්්වාදීන්ගේ ඉත්තෙකු පමණක් බවත් එම නඬයම එකට තබා පරාජය කිරීමෙන් තොර මේ රට බෙදීම නතර කළ නොහැකි බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ පෙරේදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති ගෝලීය සංසදයේ විධායක සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක එකක් බව සපථ කරමින් විදේශ දේශප්‍රේමී ජනතාව ලක්ෂ ගණනින් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.
නීතිඥ ජේ රාජ් පලිහවඩන මහතා,
ජිනීවාවාහි 30/1 යෝජනාවලියෙන් ඉවත්වන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි අපි බලාපොරොත්තු වුනෙත් ඒක. එහෙත් එක පෑන් පහරකින් මේකෙන් ඉවත් වෙන්න බැහැ. ඊට කාලයක් අවශ්‍යයි. ඒ වගේම විශාල ක්‍රියාවලියක්. අපි ඒක අධ්‍යයනය කරල තමයි ‘‘රණවිරු විත්තිවාචකය“ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේ. අපි සූදානම් 30/1 යෝජනාවෙන් වීමට අවශ්‍ය සහාය ලබා දෙන්න.
කපිල ජයසේන මහතා,
අපි ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියෙව්වා ඒත් ඒ අතරින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්ති ගෝඨාභය රාජපක්ෂ මහා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.
මෙම මාධ්‍ය හමුවේදී බ්‍රිතාන්‍යයේ නිතීඥකු ලෙස කටයුතු කරනු ලබන රිෂ් උඩවත්ත මහතා ද අදහස් දක්වන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...