දේශීය පුවත්

වස විසවලින් යුත් මෙරට මහ පොළොව වස විසවලින් තොර පොළොවක් බවට පත්කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පානදුර නගරයේදී ප්‍රකාශ කළේය.

පානදුර නගරයේ ඊයේ (12 වැනිදා) පැවැති ජනහමුවේදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මෙසේද කීය.

‘‘අද අපේ රටේ ජනතාව නිවැරදි දේ තේරුම් ගනිමින් හොඳ දේශපාලන ගමනකට අවතීර්ණ වී තිබෙනවා. දේශප්‍රේමිත්වය, රටට ඇති ආදරේ ගැන යමක් කිව යුතුයි. අපේ රට දූපතක්, දේශගුණික කලාප ගණනාවකින්, පරිසර කලාප ගණනාවකින් රට පෝෂණය වී තිබුණා. මධ්‍යම කඳුකරෙන් ගංගා 103ක් ගලා බැස්සා. ඉතා වාසනාවන්ත රටක්. විශාල දිය ඇළිවලින් සමන්විත වී තිබුණ. ඒත් අද මේ පරිසර පද්ධතිය අපට අහිමිවී තිබෙනවා.

නාය නොයන රටක් බවට අපි කුඩා කාලයේ ශ්‍රී ලංකාව හඳුනා ගත්තා. ඒත් අද පස්කඳු නාය යන, සති දෙක වහිද්දී ගංවතුර, මාසයක් පායද්දී නියඟය ඇති වන රටක් අද නිර්මාණය වී තිබෙනවා.
අද බොහෝ නීති සැකසෙන්නේ ජනතාවගේ හා ජනතා නියෝජිතයන්ගේ වුවමනාවට නොවේ. අධිරාජ්‍යවාදී රටවල වුවමනාවටයි රටේ නීති හැදෙන්නේ. ගානාව යන රටේ පනත පරිවර්තනය කර අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා දේශීය ආදායම් පනත නමින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ගැන සතුටු වුණා. රටේ බදු ප්‍රතිපත්තිය ඒ නිසා විකෘති වුණා.

අද අපට අපේ රටේ ස්වාධීනත්වය අහිමිවෙලා. චීනෙන් ණය අරගෙන මහින්ද රාජපක්ෂ නැව් එන්නේ නැති වරායක් හැදුවා. හදපු දවසේ ඉඳලා නැව් එන දකුණු කොළඹ වරාය චීනයට දුන්නා.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More