1987-89 අරගලය සමයේ සමාජවාදය අරමුණු කරගත් දේශපාලන නැගිටීමකට සම්බන්ධවීමේ හේතු මත රාජ්‍ය මර්දනයට ලක්ව මියගිය ජනතා වීරයන් සිහිපත් කිරීමේ ඉල්මහ විරු සමරුව අදට යෙදී අත.
මේ ඒ පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් තබන සටහනකි.
ශ්‍රී ලාංකීය ජාතියේ කේන්ද්‍රීය ප්‍රශ්නය ජාතික ගැටළුවක් බව විජේවීරයන් 70 දශකයේ සිටම අඛණ්ඩව අවධාරණය කළේය. ජාතික ගැටලුව පිළිබඳ ඓතිහාසික කරුණු පර්යේෂණාත්මකව හදාරමින් බෙදුම්වාදයට එරෙහිව සටන් වැදිය යුතු උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳ ඔහු දිගින් දිගටම හඬ නැගීය.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහි සටන වූ කලි ජාතිවාදය නොවන බවත්, දේශප්‍රේමී අරගලය වූ කලි අධිරාජ්‍ය විරෝධි අරගලයේ ජාතික කාර්යභාරය බවත් ඔහු කිසිදු දෙගිඩියාවකින් තොරව අවධාරණය කළේය. ඒ 80 දශකයට මෙන්ම ඊටත් වඩා අද දවසටද එය සත්‍යක් බව අන් කවරදාටත් වඩා තහවුරු වන්නේ මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් ගිවිසුම හරහා අධිරාජ්‍යවාදී බලවේග ආදරණීය මව්බිම කැබලි කිරීමේ කුමන්ත්‍රණයේ නියැලී සිටින නිසාය. නමුත් එදා ඉන්දියානු මැදිහත්ව වීමට එරෙහිව ජවිපෙ කළ මැදිහත්වීම අද දවසේ ඇමරිකාවට එරෙහිව ජවිපෙන් දිස් වන්නේ නැති බව හැඟෙයි.
මේ ‘කොම්රේඩ් ලයනල්’ ජනගත කිරීමේ උළලේදී පසුගියදා වෛද්‍ය වසන්ත බණ්ඩාර සැබෑ වීරයන් සැමරීම ගැන අදට ගැලපූ වෙනස් කතාවක් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...