දේශීය පුවත්

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂවලට ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අද (13 දා) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වෙයි.

ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48 කට පෙර ප‍්‍රචාරක කටයුතු අවසන් වන බවටත්, එම පැය 48 ක කාලය නිහඬ කාල සීමාවක් බවට පත් විය යුතු බවටත් මැතිවරණ නීතියෙහි සඳහන් වෙයි.
ඒ අනුව හෙට (14 දා) හා අනිද්දා (15 දා) කිසිදු ප‍්‍රචාරක කටයුත්තක් සිදු නොවන නිහඬ කාල සීමාවක් විය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ ප‍්‍රදර්ශනය කර ඇති සියලූම පෝස්ටර්, කටවුට්, බැනර්, ධජ, පතාක පක්ෂ සලකුණු ආදිය අද මධ්‍යම රාති‍්‍රයෙන් පසුව ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

එමෙන්ම ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පිහිටු වූ සියලූ අපේක්ෂක ප‍්‍රචාරක කාර්යාල එම පක්ෂ විසින් ඉවත් කර නොමැති නම් හෙට (14) සිට ගලවා ඉවත් කරන ලෙස ද කොමිසම පොලිසියට දැනුම්දී ඇත. අපේක්ෂකයකුට ඡන්ද කොට්ඨාසයක් සඳහා එක් පක්ෂ කාර්යාලයක් පමණක් පවත්වාගෙන යෑමට මැතිවරණ කොමිසම අවසර දී තිබේ.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප‍්‍රචාරක කටයුතු සිදු කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව කි‍්‍රයා කරන ලෙස ද පොලිසියට උපදෙස් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More