දේශීය පුවත්

කුපාඩිකම් සිදුකරමින් යහපාලන ආණ්ඩුව තවදුරටත් කටයුතු කරමින් ජනමතයට පයින් ගසා හිටීමෙන් ඊලඟ ජනාධීපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාණුවේ සෝදාගෙන යාම අනිවාර්ය බව දේශපාලන විශ්ලේෂක සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා සිටියද මෙම දේශපාලන පක්ෂ දෙක තවදුරටත් එය පිළිනොගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට අභියෝග කිරීම ඉතාම කණගාටුදායක බව සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රබල ඡන්ද පදනමක් තිබියදී එය හෑල්ලුවට ලක්කිරීමට අසාර්ථක උත්සාහයක් ගැනීමෙන් ආණ්ඩුව තවදුරටත් බරපතල අර්බුදයකට යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අසත්‍ය චෝදනා එල්ලකරමින් විවිධ පුද්ගලයින් සිරගත කරමින් ආණ්ඩුව පවත්වාගෙන යාමට මෙම ආණ්ඩුව ජඩ වැඩ සිදුකරන බවද සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේය.
වර්තමාන ජනාධිපති අගමැති හා ආණ්ඩුව සියුම් ලෙස දැඩි දේශපාලන මර්ධනයක් සිදුකරමින් සිටින බවත් පොලීසියට හා අධිකරණයට සිදුකරණුලබන බලපෑම්වලින් එය මනාව පෙන්නුම් කෙරෙන බවද චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේය.
ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගටත් වඩා දරුණු පාලනයක් මේ වන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිදුකරගෙන යන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පිටරටින් ඩොලර් මිටි අරගෙන රට අස්ථාවර කිරීමට සිවිල් සංවිධාන සිදුකරන ක්‍රියාමාර්ගද සි.ඒ. චන්ද්‍රප්‍රේම මහතාගේ දැඩි දෝෂ දර්ශනයට පත්විය.
සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා මේ බව ප්‍රකාශ කළේ අද(16) උදෑසන පෞද්ගලික ගුවන්විදුලි වැඩසටහනක සජීවී දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More