නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාස එකහමාරක් තුළදී කට වරද්දාගෙන දෙවරක් සමාව ඉල්ලා ඇති බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඊයේ(13) බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ පැවසීය.
“ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණ ප්‍රධාන අපේක්ෂයන් තුන්දෙනයි, අනෙක් අය වැඩක් නෑ. මේ තුන්දෙනා අතරින් මේ රට ගොඩ ගැනීමට දැක්මක් හැකියාවක් දැනුමක් ඇත්තේ කවුරුන්ගාව ද යන්න බලන්න.
සජිත් කියන්නේ හැකියාව තියෙන මිනිහෙක් නෙමෙයි. ගෝඨා කියන්නේ හැකියාව තියෙන් මිනිහෙක් නෙමෙයි. සජිත් කියන්නේ මැටි ගොඩක්.
කල්පනාකරලා බලන්න මේ ජනාධිපතිවරණයේ දී ඡන්ද ව්‍යාපාරයෙදී මේ වෙනකොට කට වැරදිලා දෙපාරක් සමාව අරන් තියෙනවා. “ශ්‍රී මුඛය“ වැරදිලා දෙපාර්ක් සමාව අරන් තියෙනවා. කට දෙපාරක් වැරදුනා නම් මාස එකහමාරක් යනකොට ජනාධිපති වුණොත් වැඩ කරනකොට කීපාරක් වරදීද?
ඒ වැරදිවලට සමාව අරන් වැඩක් නෑ. ඒවා ජීවිතවලින් වන්දි ගෙවන වැරදි වෙන්න පුළුවන්. රට වැනසෙන වැරදිවෙන්න පුළුවන්, ඒ නිසා වරද්ද ගන්න එපා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...