දේශීය පුවත්

දින හතරක සිට උපවාසයේ නිරත ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ට ජීවිත තර්ජනයක් එල්ලවී ඇති බවට උන්වහන්සේට හිතවත් හිමිවරුන් සහ සමාජයේ බොහෝ පිරිසකගෙන් මේවන විට චෝදනා එල්ලවෙමින් ඇත.

තව දුරටත් උපවාසය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් සිටින උන්වහන්සේට දැඩි විරෝධතාවයක් එම උපවාසය මෙහෙයවන්නන් විසින් සිදු කරමින් ඇති බව එම හිමියන්ට සමීප හිමිවරුන් විසින් සඳහන් කළහ.
මෙම ස්ථානය නිරීක්ෂණය කළ බොහෝ දෙනෙකු පවසන්නේ යම් කණ්ඩායමක බලපෑමක් මත උන්වහන්සේ එම එස්ථානයේ රදවාගෙන සිටින බවය.

එමෙන්ම උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් එල්ලවන ආකාරයේ සිදුවීම්ද එම ස්ථානය නිරීක්ෂණය කළ පිරිසට පෙනී ගිය බවත් උන්වහන්සේ අසල යම් පුද්ගලයෙකු බිම වැතිරී දවස පුරාම සිටින ආකාරය දැකගතහැකිවූ බවත් ඔවුහු පවසති.

කෙසේ වෙතත් මේ උපවාසය සම්බන්ධයෙන් ගෝටාභට රාජපක්ෂ මහතා හා ඔහුගේ පාර්ශ්වයේ කිසිවෙකුගෙන් උන්වහන්සේට ප්‍රතිචාරයක් මේ වන තෙක් දක්වා නැති අතර ඉදිරියේදී ද කිසිදු තැකීමක් නොකරනු ඇති බවද වාර්තා වෙයි.

මේ තත්ත්වය මත උන්වහන්සේ අපවත් වන තෙක්ම එම ස්ථානයේ රඳවා තැබීමට බලවත් උත්සාහයක් ගැනීමට උපවාසයෙන් මෙහෙයවන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් විසින් කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More