දේශීය පුවත්

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව යම් ගැටලුවක් පැවැතියේ නම් නාමයෝජනා පත්‍ර භාරදෙන අවස්ථාවේ ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (13 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය අගෝස්තු මාසයේ තමා හමු වූ අවස්ථාවකදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක් ඉදිරිපත් කළ බවත් එය තමා සහ මැතිවරණ කොමිසමේ අනෙක් සාමාජිකයන් පරීක්ෂා කළ බවත් සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය අපේක්ෂකයකුගේ නාම​ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවන බවද සභාපතිවරයා පැවැසීය. එම නිසා නාම​ යෝජනා භාරගැනීමේදී ද්විත්ව පුරවැසිභාවය තිබේද නැත්ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවේ.

ජනපතිවරණයට නාම යෝජනා ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා ජනාධිපතිවරණ 15 වගන්තියේ දක්වා තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී තිබිය යුතු සුදුසුකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබේ. එම සුදුසුකම් තමන්ට ඇති බවට සෑම අපේක්ෂකයකුම සිය නාමයෝජනාව සමග දිවුරුම් ප්‍රකාශයක් භාරදිය යුතුය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාද දිවුරුම් ප්‍රකාශයක් මගින් එම සහතිකය ලබාදුන් බවත් යෝජනාව භාර ගැනීමට කොමිසමට එය ප්‍රමාණවත් බවත් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම යෝජනා සම්බන්ධයෙන් අනෙකුත් අපේක්ෂකයන්ට විරෝධතා ඉදිරිපත් කළ හැකිව තිබූ නමුත් ඒ අවස්ථාව එවැන්නක් ඉදිරිපත් නොවූ නිසා ඔහුගේ නාම යෝජනා භාරගැනීමට සිදුවූ බවත් හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More