පාට, පක්ෂ, ජාති භේද පෞද්ගලික අවශ්‍යතා දෙවැනි තැනට දමා මෙවර රට, ජාතිය හා ආගම බේරා ගැනීම පිණිස ඡන්දය වගකීමෙන් යුතුව පාවිච්චි කරන ලෙස අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසති.
දේශපාලන නායකයන් බහුල මේ රටේ ජාතික නායකයන් ඉතා අඩු බවත් දේශපාලන නායකයින් අතරින් ජාතික නායකයෙක් ජයග්‍රහණය කරවීමට ජනතාව කටයුතු කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.
මහනුවර, අස්ගිරිය ගෙඩිගේ විහාරයේ දී අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙනුවෙන්, මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනුනාහිමියෝ මේ බව සඳහන් කළහ .
කතාවට වඩා ක්‍රියාවෙන් සාර්ථකත්වය රටට පෙන්වූ නායකයකු පත්කර ගැනීම රටේ අවශ්‍යතාවක් බවත් මෙවර විදේශීය රටවල රැකියා කරන පිරිස් පවා තම යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීම පිණිස ලක්ෂ ගණනින් දිවයිනට පැමිණෙමින් සිටින්නේ රට, ජාතිය හා ආගම බේරා ගැනීමට ඇති අවසන් අවස්ථාව මෙය බව තේරුම් ගෙන බවත් උපාලි හිමියෝ ප්‍රකාශ කළහ. නොයෙක් රැකියා සඳහා ගොස් විදේශ රටවල ජීවත් වන ජනතාවට මේ රට අද පත්ව තිබෙන ව්‍යසනකාරී තත්ත්වය පැහැදිලිව පෙනෙන බවත් මේ නිසා පෙර මැතිවරණවලට වඩා එම ජනතාව මෙරටට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දු වී සිටින බවත් උන්වහන්සේ කීහ.
පවතින අර්බුදකාරී වාතාවරණයෙන් රට මුදා ගෙන නිවැරදි මාවතට යොමු කළ හැක්කේ කාටද යන්න තේරුම් ගෙන ජනතාව ඡන්දය දීම ඉතා වැදගත් බවත් අන්තවාදයට හා ත්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩක් නොදෙන ජාතික නායකයකුගේ අවශ්‍යතාව රටට තදින් දැනෙන බවත් අනුනාහිමියෝ වැඩිදුරටත් පැවසූහ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...