බොලිවියානු විපක්ෂයේ සෙනෙට් සභික ජෙනින් ෂීස්,ඊවෝ මොරාලෙස්ගේ ඉල්ලා අස්වීමෙන් පසු තමන් රටේ අන්තර්වාර ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මොරාලෙස්ගේ පක්ෂයේ නීති සම්පාදකයින් සැසිය වර්ජනය කර ඇති අතර, ඉන් අදහස් වන්නේ මෙම පත්වීම නීත්‍යනුකූල වීම සඳහා අවශ්‍ය ගණපූරණය නොමැති බවයි.එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමා ඊළඟට සිටින බවත්, ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඇය පවසා ඇත. මොරාලෙස් මෙම නිවේදනය හෙළා දකිමින්, ෂීස් “කුමන්ත්‍රණකාරී දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු” ලෙස හඳුන්වමින් චෝදනා කර ඇත.
හිටපු ජනාධිපතිවරයා මෙක්සිකෝවට ගොස් ඇත.ජීවිතය අනතුරේ පවතින බව පවසා එහි සරණාගතභාවය ඉල්ලා ඇත.මතභේදාත්මක ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් සති ගණනාවක් තිස්සේ පැවති විරෝධතාවලින් පසු ඔහු පසුගිය ඉරිදා ඉල්ලා අස්විය.හිටපු කොකෝවා ගොවියකු වූ මොරාලෙස් 2006 දී ප්‍රථම වරට තේරී පත් විය. ඔහු ආදිවාසී ප්‍රජාවේ පළමු නායකයා විය.දුප්පත්කමට එරෙහිව සටන් කිරීම සහ බොලිවියාවේ ආර්ථිකය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රශංසාව දිනාගත් නමුත් ව්‍යවස්ථාමය සීමාවන් නොසලකා හරිමින් පසුගිය ඔක්තෝමබර් මස පැවති මැතිවරණයට සිව්වන වරටත් ඔහු තරග කිරීම මතභේදයට තුඩු දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...