දේශීය පුවත්

මීළඟට පත්වන ජනාධිපතිවරයාට මුලසිට ගොඩනැංවිය යුතු රටක් භාරවන බව දේශය සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (13 වැනිදා) යුතුකම සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක් වනු ඇති බවත් ජනතාව ලබාදෙන ඡන්දය මත රටේ ඉදිරි අනාගතය තීරණය වනු ඇති බවත් ඇල්ලේ ගුණවංශ හිමියන් එහිදී වැඩිදුරටත් පැවසීය.

ඇතැම් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පුරවා ඇත්තේ සුන්දර වචනවලින් පමණක් බවද උන්වහන්සේ සඳහන් කළේය.

‘‘රටේ අනාගතය වෙනුවෙන් මහා පරිමාණ දේවල් කිරීම පසෙක දමා දැනට කඩා බිඳ වැටිච්ච ආර්ථිකය, සාමය, නීතිය, සහෝදරත්වය, යළි ගොඩනැගීමට මූලිකව ක්‍රියා කළ යුතුයි. මේ රට දැන් සුනාමියකට අහුවෙලා වගේ තියෙන්නේ. ඒ වගේම මේ වන විට දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආර්ථික වශයෙන් දැඩි ආක්‍රමණයකට ලක්කරලා තිබෙනවා.. කොටින්ම බටහිර බලවේග අපේ ජාතියේ ගෙල සිරකරගෙන අපිට ටොකු ඇණ ඇණ දක්කගෙන යන රටක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා ඒ බලවේගවලින් රට මුදා ගැනීම තමයි ඊළඟ නායකත්වයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. එම ප්‍රශ්නය විසඳීමේදී ඉතාම කල්පනාකාරීව, බුද්ධිමත්ව විසඳිය යුතු වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More