ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටිහත්සිය පනහකට අධික විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්ද ගණන් කිරීම 16 වැනිදා සවස 5.00න් පසු සිදුකරන බවත්, එම නිසා තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ කොට්ඨාසයක ප්‍රතිඵලයක් නිකුත් කිරීමට හැකිවන බවත් එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ (13දා) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් බවත්, මේ නිසා නිහඬ කාලය තුළ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට ආගමික වතාවත් හෝ සිදුකළ නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
ග්‍රාමීය වශයෙන් හා වීදි වශයෙන් තිබෙන මැතිවරණ ප්‍රචාරක කාර්යාල ගලවා ඉවත් කළ යුතු බවත්, එහෙත් මැතිවරණ කොට්ඨාස මට්ටමින් තිබෙන කාර්යාල පවත්වාගෙන යා හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියේය.
අපේක්‍ෂකයන් තිස්පස්දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වී සිටියත් අපේක්‍ෂකයන් දහඅට දෙනෙකු අපේක්‍ෂකයන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනීසිටින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...